බැදුම්කරෙන් යැපුනු එජාපයේ 20කගේ තොරතුරු අපි ලග තියෙනවා

පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමින් අල්ලස් ලබාගත් එක්සත් ජාතික පක්ෂයේ 20කට ආසන්න පිරිසක් පිළිබඳ තොරතුරු තම සංවිධානයට ලැබී ඇති බවත් ඔවුන් කවුරුන්ද යන්න හෙළිදරව් කිරීමට බැඳුම්කර පිළිබඳ ජනපති කොමිසමේ කාලය තවත් මාස කිහිපයකට හෝ දීර්ඝ කරන ලෙසත් දූෂණ විරෝධී හඬ ඉල්ලීමක් කරයි.

එම සංවිධානයේ කැඳවුම්කරු, ජවිපෙ පළාත් සභා මන්ත්‍රි වසන්ත සමරසිංහ මහතා මාධ්‍ය වෙත ප්‍රකාශයක් ලබා දෙමින් මේ බව පවසා ඇත.

බැඳුම්කර වංචාව පිළිබඳ සාක්ෂි ලබාගැනීමට එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයන් කිහිපදෙනකු කැඳවූ බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගෙන් කරුණු විමසීමට අවශ්‍ය වුවහොත් කොමිසම සක්‍රියව පැවැතිය යුතු බවත්ය.

එම හේතුවෙන් බැඳුම්කර පිළිබඳ ජනපති කොමිසමේ කාලය දීර්ඝ කිරීම අවශ්‍ය බව සමරසිංහ මහතා පෙන්වා දෙයි. විශේෂයෙන්ම එකී ගනුදෙනුවට අදාළව භාවිත වූ කෙටි නම්වලින් හැඳින්වූ පිරිස කවුරුන්ද යන්න තහවුරු කරගෙන ඊට අදාළ සාක්ෂි කැඳවීමට අවශ්‍ය පියවර සකස් කිරීමද ඉතා වැදගත් බව ඔහු වැඩිදුරටත් කීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *