The piano

The voice you here is not my speaking voice.but my mind voice”. ඒ කටහඩ හය හැවිරිදි දැරියකගේ ය.නමුත් ඇ‍ය මවකි. හය හැවිරිදි දැරියක් සිටින මවකි. ස්කොට් ජාතික වැන්දඹු ඇයව ඇගේ පියා විසින් නවසීලන්ත දූපත් ඉඩම් හිමියෙකු හට විවාහ කර දී නවසීලන්තය වෙත පිටත් කර හරී. ඇය සමග ඇගේ හය හැවිරිදි දියණිය ද විශාල දෑවැද්දක් සමග මෙම ගමන සදහා එකතු වේ.

දෑවැදි භාණ්ඩ අතර වන වඩා වැදගත්ම දෙය නම් පියානෝවයි. ඇය වෙහෙසකර මුහුදු ගමනකින් අනතුරුව වෙරළ වෙත ළගා වේ.නමුත් ඇයව පිළිගැනීමට ඇගේ නව සැමියා එහි නැත.ස්වදේශික මාඕරීවරු විසින් ඇගේ දෑවැදි භාණ්ඩ ඇද දමයි.සුදු ජාතික කොන්ත්‍රාත්කරුවන් ඇයට ගෞරව නොදක්වයි.ඇය කාත් කවුරුවත් නොදන්නා දූපතක තම දියණිය සහ පියානෝව සමග තනිවේ.ඇගේ ප්‍රකාශන මාධ්‍ය පියානෝ සන්ගීතයයි.ලෑලි ගසා ආවරණය කොට ඇති පියානෝවේ කුඩා ලෑලි කිහිපයක් ඈත් මෑත් කොට ඇය පියානෝ යතුරු ස්පර්ශ කරයි.ඇගේ ආත්මය ඒත් සමගම අවදි වේ.

පියානෝවේ හඩ විහිද යයි.ඇයව කැන්දාගෙන යෑම සදහා සුදු ජාතික ඉඩම් හිමියා පැමිණේ. හදවතේ තෙතමනයක් රහිත මිනිසෙක්.ගැහැණියක් සමග වාසය නොකළ ආගන්තුක පිරිමියෙක්.ඔහුට තම නව භාර්යාවගේ අවශ්‍යතාවය නොදැනේ.නිහඩ භාර්යාව සහ නව සැමියා අතර භාෂා පරිවර්තිකාව හය හැවිරිදි දියණියයි.ඇය මවගේ ආරක්ෂිකාවයි.මවට අවශ්‍ය දෙය ඇය දනියි.මවට සහ දියණියට නව ස්වාමියාගේ නිවසට යාමට සිදුවේ.පියානෝව වෙරළේ තනිකොට දමා.ආත්මය තනිකොට ආත්මය අහිමි හිස් ජීවිතය වනාන්තරය මැද නිවසක තනිවේ.ඇය සහ නව සැමියා අතර ලින්ගික ආකර්ෂණයක් නොවේ.ගැහැණියගේ ආකර්ෂණය පවත්නා එකම දෙය නම් පියානෝව පමණි.

පියානෝව සහ දියණිය සමග තනි වූ ගැහැණිය මාඕරීවරයෙකුට පෙම් කරයි.ඇය පෙම් කරනවා නොව.මාඕරීවරයා ඇගේ ප්‍රේමය අවදි කරවයි.නිද්‍රාගතව සිටින ඇයගේ ආශාව පුබුදුවාලයි.ඔහු ඇය සහ පියානෝව අතර ආත්ම බන්ධනයට ඉඩ හැර ඇයගෙන් සන්තර්පණය වේ.මුලින් දිස් වන්නේ ඇයගේ අයිතිය ඇයටම ලබා ගැනීම සදහා ලින්ගික අල්ලස් දීමට සිදුවන බවකි.නමුත් ඒ ඔහු ඇයගේ ආශාව පුබුදුවාලන ආකාරයයි.ඔහු පියානෝව ගැන නොදනී.එය වාදනයට නොදනී.නමුත් එහි ස්වරයට ඔහු ආශක්ත වේ.ඒ සුදු ගැහැණියගේ ආත්මීය හඩ ශ්‍රවනය කිරීමට ඔහුට අවශ්‍ය වේ.

ඇය විවාහපත් සුදු පිරිමියා ඇයට ආදරය නොකරයි.ඔහු ලින්ගිකව බෙලහීනය.නමුත් ඇයව ඔහු සමීපයේ තබා ගැනීමට ඔහුට අවශ්‍යය.ඇය සහ පියානෝව අතර බන්දනයට ඔහු ඊර්ෂ්‍ය කරයි.එම නිසා එය ඇයගෙන් වෙන් කර තැබීමට ඔහු අධික ලෙස වෙහෙසේ.ඊර්ෂාවටත් වඩා ඇයව ත පුරුෂාධිපත්‍යයට නතු කොට තබා ගැනීමට ඔහුට අව්හ්‍යය.ඒ සදහා ඇගේ ප්‍රකාශනයේ නිදහස කප්පාදු කළ යුතුය.

‘පියනෝ’ හි කතා තේමාව දිග හැරෙන්නේ එලෙසය.1993 වසරේ දී නිර්මාණය කරන ලද පියානෝ චිත්‍රපටය කෑන්ස් සිනමා උළෙලේ දී හොදම චිත්‍රපටය සදහා වන palme’de’or සම්මානයෙන් ද ඔස්කා සම්මාන ත්‍රිත්වයකින් ද පිදුම් ලැබූ අතර විවේචක ප්‍රතිචාර ගණනාවකට ලක් වුණු චිත්‍රපටයක් වශයෙන් හැදින්වීමට හැකිය.චිත්‍රපටයට අදාල කාලය වශයෙන් දැක්වෙන්නේ 1850 වසරයි.1850 යනු නවසීලන්තය ජනාවාස වෙමින් පවතින කාලයයි.ස්වදේශික මාඕරීවරුන් ගේ නිජබිම් මිළ දී ගනිමින් සුදු ජාතිකයන් ජනාවාස බිහි කරමින් සිටින කාලය වන අතර එන්ගලන්ත පල්ලිය විසින් කැන්ටබරිය ස්ථාපනය කළ කාලයයි.මෙම කාලය තුළ නවසීලන්ත දේශපාලනය පිළිබද විමසීම චිත්‍රපටය කියවා ගැනීමේ දී වඩාත් පහසු වේ.

1850 යනු එන්ගලන්තය ලෝකය යටත් කර ගනිමින් සිටි කාලයයි.වික්ටෝරියානු ආධිපත්‍ය මුළු ලොව පුරාම පතුරමින් සිටින මේ කාලය තුළ නවසීලන්ත දූපත් ද ජනාවාස කරමින් සිටියේ එන්ගලන්ත පාලනයයි.සෑම පෙර අපරදිග රටක් ම පාහේ මෙසේ වික්ටෝරියානු ආධිපත්‍යට නතු කරගනු ලැබුවේ ක්‍රිස්තියානි ආගම පැතිරවීම තුළින් වන අතර නවසීලන්තය තුළ ද මෙකල එන්ගලන්ත සුදු ජාතිකයන් ගේ විශ්වාසය වූයේ ඔවුන් ශිෂ්ට සම්පන්න බවත් අනෙක් කලාප වල වෙසෙන ස්වදේශිකයන් ඔවුන් මෙන් ශිෂ්ටසම්පන්න විය යුතු බවත්ය. එම නිසා ඔවුන් ශිෂ්ටසම්පන්න කරලමින් පාලනයට නතු කර ගැනීම සදහා යොදා ගත් උපාය මාර්ගය වූයේ ආගමයි.

මේ අනුව නවසීලන්තය තුළ මෙකල ස්ථාපනය කළ ආගමික නිකාය වූයේ සෙන්ට් මෙරීස් සෙමිනාරියයි.ඒ අනුව සෑම පාලන ඒකකයටම ක්‍රිස්තියානි පල්ලියක් තැණුනු අතර එමගින් ආගම ඉගැන්වීම, භාෂාව ඉගැන්වීම ආදිය තුළින් ස්වදේෂිකයන් ශිෂ්ටසම්පන්න කිරීම සිදු කෙරුණි.මේ සදහා බොහෝ විට බඉබලයේ කතා රග දැක්වීම ආදිය සිදු කෙරේ.චිත්‍රපටය තුළ ද මෙසේ පල්ලිය තුළ ජවනිකාවක් ඇතුළත් වේ.එනම් ස්වදේෂික ජනතාව පල්ලියට කැදවා මෙසේ නාට්‍යයක් රග දක්වා පෙන්වයි.මේ අතර නාට්‍ය සම්බන්ධයෙන් අවබෝධයක් නැති ස්වදේශිකයන් එය සත්‍ය සිදුවීමක් යැයි සිතා කලබල කරමින් හාස්‍ය මතු කරන ආකාරය පෙන්වයි.

එසේම මෙම චිත්‍රපටයේ කතා තේමාවට අදාල කාලය තුළ කාන්තාවගේ තත්තවය ද විමසා බැලීම අවශ්‍ය වන්නේ මෙහි ප්‍රධාන චරිතය රග දක්වන නිහඩ ගැහැණිය සැම පිරිමියෙකුගේම බලයට යටත්ව සිටීමට සිදු වීම නිසාය.ඇය තම ස්වාමිපුරුෂයා මිය යාමෙන් අනතුරුව පියාගේ බලයට ද, පියා ඇය බලෙන් විවාහ කර දීමෙන් අනතුරුව සැමියාගේ බලයට ද පසුව ඇය ආදරය කරන මාඕරීවරයාට ද යටත් වීමට සිදු වේ.මෙම කාලය තුළ කාන්තාව සැබවින්ම පුරුෂ ආධිපත්‍යයට නතුව සිටි අතර ඔවුන් ගේ ඇදුම් පැළදුම්වලින් පවා එය පිළිඹිබු විය.මෙකල කාන්තාවන් ගේ ඇදුම වන්නේ විශාල කූඩු ගවුම ය. එම කූඩු ගවුමට යටින් ඔවුන් කෝසෙට් නමින් හදුන්වන ලබන යට ඇදුමක් ඇද සිටි අතර එම ඇදුම මගින් ශරීරයේ හැඩය මතුවන ආකාරයට ශරීරය හිර කිරීම සිඩු කරයි.මෙම වික්ටෝරියානු කාන්තා ඇදුම ඉතා විශාල සහ බර මෙන්ම එය ඇදගෙන ඇවිදීමට,දිවීමට,ඉදගැනීමට ආදී වශයෙන් සාමාන්‍ය ක්‍රියා වල පවා යෙදීම අපහසුය.මෙම වික්ටෝරියානු ඇදුමින් නිදහස් වී කාන්තාව ඇදුම වෙනස් කිරීම කන්තා නිදහසේ සන්කේතයක් විය.1926න් පසු කාන්තා ඇදුම වෙනස් වී කෝර්සෙට් වෙනුවට තනපට විලාසිතා අතරට එකතු වීම කාන්තාව නිදහස ලැබීම සන්කේතවත් කරයි.මෙම කතා තේමාව තුළ පිඅයානෝව හිමි කාන්තාව කෙතරම් පීඩනයකට යටත්ව ඇත්දැයි පෙන්වීමට ඇගේ ඇදුම, පසුතලය, වර්ණ සහ ආලෝකය භාවිතා කර තිබේ.

ඇය ජීවත් වන්නේ මඩ ගොහොරු සහිත පරිසරයකය. සෑමවිටම වැසි ඇද හැලෙන මෙම පරිසරය හිරු එළිය සම්පූර්ණයෙන් නොවැටෙන අදුරක ගිලී පවතී. නිවෙස් තුළ ද ආලෝකවත් වන්නේ අවශ්‍යම ස්ථාන පමණි.එහෙත් අදුරට බරය.එම නිසා ගුප්ත බව ශ කුතුහලය වඩාත් ඉස්මතුව පෙනේ.ශානර වර්ගීකරණය තුළ මෙම චිත්‍රපටය අයත් ශානරය වශයෙන් ගොතික් ශානරය හැදින්වේ.වඩාත් අදුරේ රූගත කරන මෙහි කළු, අළු සහ අදුරු වර්ණ්හ්ක් වැඩිපුර භාවිතා කරමින් නිර්මාණය කිරීම ඊට ප්‍රධානතම හේතුවයි.
මෙම චිත්‍රපටය තුළ වඩාත් ප්‍රබලම දෙය වන්නේ සන්ගීතයයි.මිචෙල් නයිමන් විසින් මෙහි සන්ගීතය සම්පාදනය කර ඇති අතර එම සන්ගීතය තුළින් කාන්තාවගේ සියලු හැගීම් සන්නිවේදනය කොට ඇත.ඇයගේ තනිකම,පාළුව,අවට ලෝකයට ඇති ආගන්තුක බව,දුක,විරහව ඇතුළු සියලු හැගීම් කියාපාන්නේ සන්ගීතය මගිනි.එම නිසාම චිත්‍රපටය රසවිදීමේ දී නිහඩ කාන්තාවගේ හැගීම කුමක් ද යන්න වචනවලින් තොරවම ප්‍රේක්ෂකයා තේරුම් ගැනීමට සමත් වේ.ඒ අනුව සන්ගීතමය චිත්‍රපටයක් වන මෙම පියනෝ චිත්‍රපටය කලාත්මක චිත්‍රපටයක් වශයෙන් බොහෝ අවධානයට පාත්‍ර වූ චිත්‍රපටයක් වන්නේ ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *