විශ්වාසභංගය හැරවුම් ලක්ෂයක් ලෙස .. – සාරල්

අග්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාසභංගය හෙට 04 පාර්ලිමේන්තු විවාදයට ගැනීමටත් ඊට අදාළ ඡන්දය විමසීම පැවැත්වීමටත් නියමිතය එහිදි එම විශ්වාසභංගය පරාජයවීම හෝ දීනීම සිදු විය හැක කෙසේ වෙතත් කවුරු කුමන චේතනාවකින් මෙම විශ්වාසභංගය ඉදිරිපත් කරනු ලැබුවත් එය මරු බව ලියුම්කරුගේ මතයයි
අග‍්‍රාමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංගය ඉදිරිපත් කිරීමට ප‍්‍රධානතම හේතුව වී තිබුණේ මහබැංකු බැදුම්කර වංචාවයි එසේම එහි අවසන් කාරණය සහ චෝදනාව වුණේ පසුගියදා දිගන තෙල්දෙණිය ප‍්‍රදේශයේදි ඇතිවු කළහකාරි තත්ත්වයේදි එවක අග‍්‍රාමාත්‍යවරයා යටතේ තිබුණු නිතීය හා සාමය අමාත්‍යාංශය මගින් නීතිය නිසියාකාරව කි‍්‍රයාත්මක නොකිරීමේ චෝදනාවයි ඒ අනුව බැලීමේදි මෙම චෝදනාවන්ට අගා‍්‍රමාත්‍යවරයා සෘජුවම වගකිව යුතුමය

නමුත් මෙම විශ්වාසභංගය සාධාරණීකරණය කිරීමේදි ඊට එහා ගිය හේතුද තිබේ එනම් මෙම චෝදනාවන්ට අගා‍්‍රමාත්‍යවරයා විතරක්ම වගකිව යුතු වන්නේද මෙවැනි වැරදි සිදුවීමේදි මෙරටේ ජනාධීපතිවරයා ඇතුළු අමාත්‍ය මණ්ඩලය සිටියේ නැද්ද පාර්ලිමේන්තු මන්තී‍්‍රවරු සිටියේ නැද්ද යන ගැටලු සාමාන්‍ය ජනතාව වන අපට නිරායාසයෙන්ම පැන නැගෙන ගැටලුවක් වේ සැබැවින්ම ඔවුහු සිටියෝය ඔවුන් ඒ දෙස බලා සිටියා මිසක ඒ සම්බන්ධයෙන් කිසිදු මැදිහත්වීමක් කිරීමට නොගියෝය මෙරට දේශපාලන සංස්කෘතියේ සුවිශේෂිම ලක්ෂණය මෙන්ම මෙරට පරිහානියේ ප‍්‍රධානතම හේතුව ලෙසද මෙය පෙන්වා දිය හැකිය

ජනතාව පැවති මහින්ද රාජපක්ෂ ආණ්ඩුව 2015 වසරේදි පරාජයට පත් කොට් පොදු අපෙක්ෂකයා ලෙස මෛතී‍්‍රපාල සිරිසේන මහතා ජයග‍්‍රහණය කරවමින් ඔහු ජනාධිපති ධුරයට පත් කරනු ලැබුවේ ශී‍්‍ර ලංකාව නව ගමනක් ආරම්භ කරනු ඇති බවට මහත් අභිලාෂ තබා ගනිමිනි එහිදි එක්සත් ජාතික පෙරමුණ හා ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය එක්ව සම්මුතිවාදි ආණ්ඩුවක්ද පිහිටුවා ගත්තේය එදින එම සම්මුතිවාදි ආණ්ඩුව නිවැරදි තීරණයක් වුවත් අද එය ඉතා බරපතල වරදක් බට පත්ව තිබේ ආණ්ඩුව අදවන විට පත්ව ඇති පරාදීන වතාවරණයට මෙම හවුලද ප‍්‍රධානතම හේතුවක් බවට පත්ව ී තිබේ. ඒ ප‍්‍රජාතන්ත‍්‍රවාදි පාර්ලිමේන්තුවකදි ප‍්‍රබල විපක්ෂයක් තිබීම රටකට වැදගත් බව නැවතත් සනාථ කරමිනි
වත්මන් ආණ්ඩුව බලයට පත්වීමේදි පළමු අරමුණ වී තිබුණේ රාජපක්ෂ රෙජීමය පරාජය කිරීම පමණය ඊට එහා ගිය ජාතිකමය ප‍්‍රතිසංස්කරණ පිළිබද යම් වැඩපිළිවෙලක් වත්මන් ආණ්ඩුවට තිබුණත් ආණ්ඩුවේ දින සියයේ වැඩපිළිවෙල මෙන් සියල්ලම අපිළිවෙලක් ගත්තේය එයින් සිදු වුයේ රට දිනෙන් දිනම ආරාජිකත්වයට පත්විම පමණය මේ අතර මහබැංකු බැදුම්කර වංචාව, අක‍්‍රමවත් අමාත්‍ය මණ්ඩලය, ආකාර්‍යක්ෂම ආර්ථික කළමනාකරණය, සමාජ බිද වැටිම් ආණ්ඩුව තවත් අපකීරිතියට පත් කළේය සිදු වුයේ නිල නොලත් විපක්ෂය වු එකාබද්ධ විපක්ෂය දිනෙන් දින බලවත්වීමය එය සිදුවිය යුත්තකි අසාර්ථක ආණ්ඩුවක් හමුවේ නිරායාසයෙන්ම විපක්ෂයක් බලවත් වන්නේමය අවසානයේ එකාබද්ධ විපක්ෂය නව දේශපාලන පක්ෂයක් පිහිටුවමින් පළාත් පාලන මැතිවරණයේදි විශිෂ්ට ජයග‍්‍රණයක් අත් කර ගත්තා සේම ඔවුන්ගේ දෙවැනි ප‍්‍රහාරය ලෙස මෙලෙස අගා‍්‍රමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංගය ඉදිරිපත් කොට තිබේ
සැබැවින්ම මෙම විශ්වාසභංගය රනිල් වික‍්‍රමසිංහ මහතාට එරෙහි වුවක් වුවත් එය සමස්ත ආණ්ඩුව එරෙහිවම ඉදිරිපත් වුවකි එම චෝදනාවන් වලින් ජනාධිපතිවරයාට හෝ ආණ්ඩුව නියොජනය කරනු ලබන ශි‍්‍ර ලංකා නිදහස් පක්ෂ කණ්ඩායමද නිදහස් විය නොහැක කෙසේ වෙතත් ආණ්ඩුව නියෝජනය කරනු ලබන ශී‍්‍රලනිප කණ්ඩායම මෙම වැරදි වලින් අතපිස දමා ගැනීමට දරන උත්සහායක් මේ වනවිට පෙනෙන්නට තිබේ ඒ අතර එක්සත් ජාතික පක්ෂය එක්සත් ජාතික පෙරමුණ ලෙසත් අගා‍්‍රමාත්‍යවරයා රැුක ගැනීමේ ප‍්‍රබල සටනක නිරතව සිටින අතරම ඒ සදහා දෙමළ ජාතික සන්ධානයෙත් ශී‍්‍ර ලංකා මුස්ලීම් කොංග‍්‍රසයේ හා ි අනෙකුත් සුළු දේශපාලන පක්ෂ වලත් සහායද අපෙක්ෂා කරමින් සිටියි
එසේ වුවද විශ්වාසභංගයේ වැදගත්ම කොටස මෙය නොවන්නේය විශ්වාසභංගය ඉදිරිපත් කිරීමේ සෑබෑ අරමුණ හා එහි අතුරුඵල එහි වැදගත්ම කොටස වෙයි සැබැවින්ම මෙම විශ්වාසභංගයේ අරමුණ ආණ්ඩුව පෙරළා දැමිමය එකාබද්ධ විපක්ෂයට ඊට එහා ගිය අරමුණක් නැත්තේය එය විපක්ෂයක සමාන්‍ය අරමුණය මේ වනවිට එකාබද්ධ විපක්ෂයට අවශ්‍යව ඇත්තේ ආණ්ඩුව තුළ අර්බුද නිර්මාණය කොට ආණ්ඩුවට ඇති වත්මන් අපකීරතිය ප‍්‍රයෝජනයට ගනිමින් හැකි ඉක්මනින් මහමැතිවරණයට ගොස් බලයට පත්වීමය එය සාර්ථක සැලසුමකි

එසේ සිදුවුවහොත් නැවතත් රාජපක්ෂ පාලනයක් මෙරට ස්ථාපිත වනු ඇත එය නිසැකය එසේම යළිත් ප‍්‍රජාතන්ත‍්‍රවාදය තිබුණා හෝ නොතිබුණා හෝ රාජපක්ෂ යුගයක් අතවිදිය හැක එසේම එක්සත් ජාතික පක්ෂයටත් විපක්ෂයේ සුව නැවතත් විදිය හැකිය
විශ්වාසභංගය ජයග‍්‍රහණයෙන් මෙවැනි සුරපුරයක් මැවෙතත් ඊට එහා ගිය විකල්පයක්ද ඇත දෙමළ මාධ්‍ය වල එම විකල්පය වෙනුවෙන් වැඩි ඉඩකඩක් ලබාදී තිබුණි එනම් මෙම විශ්වාසභංග අවස්ථාව සුළු දේශපාලන පක්ෂ විසින් ප‍්‍රයෝජනයට ගත යුතු බවයි එනම් දෙමළ ජාතික සන්ධානය විශ්වාසභංගය පරාජය කළ යුතු බවත් එමගින් දෙමළ ජනතාවගේ ඉල්ලීම් දිනා ගත යුතු බවත්ය

හදිසියේවත් දෙමළ ජාතික සන්ධානය විශ්වාසභංගය පරාජය කිරීමට තීරණය කළොත් රනිල් වික‍්‍රමසිංහ මහතා දිනුම්ය ඊට එහා ගිය එක්සත් ජාතික පක්ෂ දෙමළ ජාතික සන්ධාන ආණ්ඩුවක් බිහි වුවහොත් වික‍්‍රමසිංහ මහතාගේ කල්ල මාරේය එවැන්නක් සිදු වුවහොත් එකාබද්ධ විපක්ෂයේ විශ්වාසභංගය ඔවුන්ටම විනාශයේ පරාවළල්ලක් වන්නට වනු ඇත

ශී‍්‍රලනිපය විශ්වාසභංගයට සහාය පළ කරන්නේ නම් සදාචාරත්මක වශයෙන් තවදුරටත් ආණ්ඩුවේ රැුදී සිටිම කළ හැක්කක්දැයි මා දන්නේ නැත ශි‍්‍රලනිප ආණ්ඩුවෙන් ඉවත් වන්නේ නම් කළ යුත්ුව ඇත්තේ තනි ආණ්ඩුවක් පිහිටුවීමය එය රටට වාසිදායක තත්ත්වයකි මන්ද එමගින් ආඩි හත් දෙනාගේ කැදහැළිය තත්ත්වයක් යළිත් රටට උදා නොවනු ඇති නිසාය
විශ්වාසභංගයෙන් පසු තනි ආණ්ඩුවක් හෝ ආණ්ඩු පෙරළියක් සිදු වන්නේ නම් එය රටට යහපතක්මය ඒ කවර ආණ්ඩුවක් පැමිණිද මෙයද නොකියා බැරිය වත්මන් ආණ්ඩුවේ කෙතරම් වැරදි තිබුණද වත්මන් ආණ්ඩුව ගත් වැදගත් තීරණයන් අගය කළ යුත්තේමය එනම් නව ආණ්ඩුක‍්‍රම ව්‍ය්වස්ථාවක් සදහා වන ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය වංචා දුෂණ සම්බන්ධයෙන් වන ඇතැම් කි‍්‍රයාමාර්ග හා අධිකරණ සංශෝධන පනත් කෙටුම්පත වැනි වැඩපිළිවෙල්ය එවා කවර ආණ්ඩු බලයට පත් වුවද සිදුවිය යුත්තකි
නමුත් එකාබද්ධ විපක්ෂය මෙම වැඩපිළිවෙල සදහා සිය දැඩි විරෝධයන් දැනටමත් දක්වා තිබේ ඒ එවන් කි‍්‍රයාමාර්ග ඔවුන්ගේ දේශපාලන බලාධිකාරිය පවත්වාගෙන යාමට උචිත නොවන බව දන්නා නිසාය ඔවුන් බලයට පැමිණිහොත් මෙම කි‍්‍රයාමාර්ග පිළිබද අපේක්ෂා අත්හැරිම හොදය

එසේම එවැනි පසුබිමකදි දෙමළ ජාතික සන්ධානයට තම අරමුණ කිසිදා ඉටු නොවන බව සිතන්නට සිදු වෙිවි නමුත් ඒ සදහා වන අරගල යළිත් ඉස්මතු වනු ඇත එය බරපතල තත්ත්වයකි රාජපක්ෂ ආණ්ඩවක්ු පත්වුවද මේ තත්ත්වයට මුහුණදිමට සිදුවනු ඇත ඒ ජාත්‍යන්තරයේ මැදිහත්විමද සහිතවය

කවරක් වේවා අවසානයේ පරාජයට පත්ව ඇත්තේ සමස්ත ජාතිය පමණය ජාත්‍යතන්තර හමුවේ රාජ්‍යයක් ලෙස අප පරාදීන වි සිටිමු මන්දයත් ලෝකයේ අනෙකුත් රටවල දේශපාලන සංස්කෘතීන් හා සැසදීමේදි ශී‍්‍ර ලංකාවේ දේශපාලන සංස්කෘතිය සැදී ඇත්තේ දේශපාලන බලලෝභීත්වය කරපින්නාගෙන මිසක රට පිළිබද සැබෑ ආදරයක් හෝ ජාතිය ගොඩනැගීමේ පුළුල් චින්තනයක් නොමැතිවය මේ හේතුවෙන් දේශපාලන බල අරගල සිදුවී ජාතිය පරිහානියට පත්වුවා මිසක ජාතිය ගොඩ නැගී රටේ සංවර්ධනයක් සිදුව නොමැත

එය වඩාත් තහවුරු කරනු ලැබුවේ ජනතාවට කබලෙන් ලිපට ඇද දැමු ඉතා මෑතකදි කි‍්‍රයාත්මක කරනු ලැබු බදු පනතයි එවන් අමන පනත් මගින් තවදුරටත් වත්මන් ආණ්ඩුව බලයේ තබා ගැනීමට තරම් ජනතාව මෝඩයෝ නොවනු ඇත මේ වැරදි නිවැරදි කර ගනිමින් රටේ අභිවෘද්ධිය පමණක් සිතන අවංක දේශපාලන නායකයෙකුට (රනිල් හෝ මෛති‍්‍ර හෝ මහින්ද වේවා* නම් මෙම විශ්වාසභංගය මහගු හැරවුම් ලක්ෂ්‍යයකි එය එසේ නොවන්නේ නම් ජාතියේ අවාසනාව මිසක වෙන කිසිත් කිව නොහැක

Leave a Reply

Your email address will not be published. Required fields are marked *