සුළුතරය සඳහා ආණ්ඩුකරණයේ පංගුකාරීත්වය – සාරල් සුබ්‍රමනියම්

රටක් වශයෙන් මේ වනවිට දිනෙන් දිනම අරාජීකත්වයට පත් වෙමින් සිටිමු. එය එය ආර්ථික දේශපාලන හා සමාජමය යන සෑම පැතිකඩකින්මය එය වළකා ගනු වස් කිසිදු තිරසාර වැඩපිළිවෙළක් රටේ මහඇත්තා වන ජනාධිපතිවරයා ඇතුළු සමස්ත ආණ්ඩුවටත් රජයටත් ඇති බවක් දක්නට නොලැබෙයි.

පසුගිය සති කිහිපය පුරාවට රටේ දේශපාලන අස්ථාවරත්වය සමනය කරගැනීමට දැරූ වැයම් දැක ගත හැකි විය ඊට පෙර සමාජමය වශයෙන් ජාතිවාදි ගැටුම් වලින් රට ඇවිළි ගියේය අද වනවිට රටේ පැවති ආර්ථික අර්බුදය උග‍්‍ර අතට හැරෙමින් පවතී මේ සියල්ලටම හේතු වී ඇත්තේ අපේ රටට ජාතිකමය වශයෙන් ප‍්‍රතිපත්තියක් නොමැතිවීමයි එවැනි ප‍්‍රතිපත්තියක් තිබුණේ නම් ආණ්ඩු මාරු වන මාරු වන විට ජාතික හා රාජ්‍ය ප‍්‍රතිපත්ති වෙනස් නොවන්නට තිබුණි.

මෙම ලිපියෙන් අවධානය යොමු කෙරෙන්නේ නුදුරෙදීම යළිත් වරක් ඇවිළිලෙන්නට තනන ජාතික ගැටලුව පිළිබදවයි ඇතැමුන් පමණක් නොව මෙරට වත්මන් අමාත්‍යවරයෙකුද පසුගිය දිනෙක ජාතික පුවත්පතකට ලිපියක් ලියමින් පෙන්වාදිමට උත්සහා කොට තිබුණේ එවැනි ගැටලුවක් ලංකාවේ නොමැති බවයි සැබැවින්ම එවැනි ගැටලුවක් නොතිබුණේ නම් අපි ඉතා වාසනාවන්තයෝ වෙමු ඔහු ඉතා දීර්ඝව මෙරට ජාතිවාදය කුලවාදය පිළිබදව එම ලිපියෙන් පෙන්වා දී තිබිණ.

1948 1956 1983 මේ කාලය පසුකොට අප අප ජීවත් වන්නේ 2018 වසරේය. මේ වනවිට සමාන්‍ය ජනයාගේ චින්තනය බොහෝ සෙයින් වෙනස් වී ඇති බව අදාළ අමාත්‍යවරයා දැන නොසිටීම කණගාටුවට කරුණකි. කෙසේ වෙතත් යළිත් මාවෙත ඔබ නගන තර්කය වනු ඇත්තේ මා විසින් ජාතිවාදයක් කුලභේදයක් නැතැයි කීමට උත්සහා දරන්නේ නම් මෙරට ජාතියක් තිබෙයිද තවද සුළු ජාතීන්ට ආවේනික ප‍්‍රශ්න මොනවාද යන්නයි ඊට පෙර වර්තමානයේ දෙමළ ඇතුළු සුළු ජාතීන්ගේ වත්මන් මානසිකත්වය සුළුවෙන් ඔබ හමුවේ තැබීම වටී යැයි සිතමි.

‘‘අපගේ ජාතීය නියෝජනය කරනු ලබන ජනාධිපතිවරයෙකු හෝ අග‍්‍රාමාත්‍යවරයෙකු මේ රටේ බිහිවීම උගහටය ඊට මෙහා එනම් විපක්ෂනායක ධුරය දක්වා අපට යම් හිමිකමක් ලබා ගැනීමට අවස්ථාව ලැබී ඇති බැවින් එය අප ලැබු ජයග‍්‍රහණයකි අපද මේ රට හැර වෙනත් රටක් නැත. දෙමළා ඔබට සම අවස්ථා ලබා දිය නොහැකියි, කියු එදාට වඩා අද අපටද ඒ සදහා උත්සහා කළ හැක්කේය එහෙත් අපගේ සුදුසුකමට වඩා ජාතිය පිළිබද දක්වන නොරිස්සීම ඊට මහත් බාධාවක්ව ඇත්තේය අපගේ භාෂාවෙන් රෝහල් රාජ්‍ය ආයතන අධිකරණ අධ්‍යාපන කටයුතු කර ගැනීමේදි ඇති දුෂ්කරතා නිසා අප මහත් අපසුතාවයට පත්ව සිටින අතරම ඒ නිසාවෙන් ඇතැම්විට ජීවිත වලින්ද වන්දි ගෙවා ඇත්තෙමු ජන කොට්ඨසයක් ලෙස අපට ආවේනික වු සංස්කෘතියක් භාෂාවක් ආගමක් හිමිව ඇත්තේය එය අනාගතයේදි විනාශ වී යනු ඇති බවට සමාන්‍ය බියක් අපටද තිබෙන්නේය එය පැරණී කුලමලයන්ගේ ග‍්‍රහණයට පෙර නතුව තිබුණද වර්ත්මානයේ ඊටත් වඩා සාමුහිකත්වය වැදගත් යැයි අප සිතන නිසාම අපගේ සියලු සහෝදරයින්ව පිළිගන්නෙමු එහෙත් සියයට දහයක පමණටත් අඩු කුලමල වැනි ආදි ගතිපැවතුම් විධි‍්‍රමත් අධ්‍යාපනයත් සමග බැහැර වනු ඇතැයි සිතන්නෙමු එමෙන්ම අපගේ අභිප‍්‍රාය වනුයේ අපගේ සංස්කෘතිය භාෂාව නොනැසි රැුක ගැනීමය.

අප අතීතයේ සිටම මෙරට ඕපපාතිකයන් බව බහුතරයේ මතයයි කෙසේ වෙතත් එසේම විමු නම් එයට වත්මන් සුලුතර අප පරපුර වගකිව යුත්තේා වෙමුද අපගේ සිතැගි අනුව අපගේ මාතෘ භූමිය ශී‍්‍ර ලංකාවයි එහි සෞභාග්‍ය මෙන්ම විනාශයද අපටද එක ලෙස බලපානු ඇත
මෙලෙස එය දීර්ඝ ලෙස විස්තර කර හැක්කේය නමුත් අතීතයේ දෙමළ ඇතුළු සියලු සුළුතර ජනතාවගේ මානසිකත්වය මීට බෙහෙවින් වෙනස්ය ඔවුන් සෑම මොහොතක බලා සිටියේ කොයි මොහොතේ හෝ අපට මේ රටින් පිටවිමට සිදු වනු ඇත යන මානසිකත්වයෙනි එහෙත් අතීතයේ ඇතිවු අමිහිරි අරගල හා දේශපාලන ප‍්‍රතිංස්කරණයන් මත වත්මන් තත්ත්වය උදා වී ඇත එය බන්දේසියේ තබා පුජා කළ ලද්දක් නොවන බව සැවොම දන්නා කරුණකි.

විශේෂයෙන් මෙරට මුස්ලීම් ජනයා නැගෙනහිර තරමක් වැඩි වශයෙනුත් නමුත් බොහෝ සෙයින් රට පුරාම ජීවත් වෙති නමුත් උතුරු නැගෙනහිර පළාත් ගත්විට දෙමළ ජනතාව එම පළාත වල බහුතර වන්නෝය ඔවුන්ට සාපේක්ෂ වශයෙන් රට පුරාම සිංහල ජාතීන් හා එක්ව ජීවත් වෙති එවැනි පසුබිමක සුළුතරයේ ගැටලු වලින් ආණ්ඩුවටත් රජයකටත් පලා යෑමට නොහැකිව තිබේ.

මෙහිදි මීළගට සලකා බැලිය යුත්තේ දෙමළ දේශපාලන නායකයින්ගේ ඉල්ලීම්ය විශේෂයෙන් දෙමළ ජාතික සන්ධාන නායක ආර් සම්බන්දන් මහතා තරයේ ප‍්‍රකාශ කරනුයේ නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව මගින් ජාතික ගැටලුවට විසදුමක් අවශ්‍ය බවයි එය පළාත් සභා බලයට එහා ගිය බලය විමධ්‍ය ගත කිරීමක් විය යුතුදු බවයි නමුදු එය එතරම් පහසු අරමුණක් නොවී තිබෙන්නේ මෙම ඉල්ලිමට බහුතරය නියෝජනය කරනු ලබන එකාබද්ධ විපක්ෂය ඇතුළු සංවිධාන ගණනාවක්ද ඔවුන්ගේ පාක්ෂිකයින්ගේද දැඩි විරෝධය නිසාය ඔවුන්ගේ එකම හේතු සාධකය වී තිබෙන්නේ එමගින් රට බෙදෙනු ඇත යන්න පමණය එපමණක් නොව මෙම ගැටලු වෙනුවෙන් එකදු විකල්ප විසදුමක් ඔවුන් හමුවේ නොතබමින්ය.

ගැටලුව අද පවතින්නේ මෙතැනය එමගින් දිනෙන් දින මොහොතින් මොහොත මෙරට සුලුතරය පීඩාවට පත් වෙමින් සිටියි ඔවුන්ගේ පීඩාවන් කවරක්ද එවාට පිිළියම් කවරේද ඔවුන්ගේ අනන්‍යතාවයක් සුරක්ෂිත කිරිමට වැඩපිළිවෙලක් තිබේද ඔවුන් රටේ තිරසාර සංවර්ධනයට උපරිම අයුරින් දායක කර ගන්නේ කෙසේද මේ කිසිවකට ජාතික ගැටලුවක් නැතැයි නන් දොඩන්නන්ට පිළිතුරු ලබා දිය හැකිද ඔවුන්ගේ ආගම සංස්කෘතිය භාෂාව දේශපාලනමය ආර්ථිකමය සමාජමය අයිතිය රැුක ගැනිම වෙනුවෙන් මෙරට ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ ඇති අයිතිය ප‍්‍රමාණවත්ද නීති ප‍්‍රමාණවත්ද නීතිරිති තිබේ නම් එවා කොයි තරම් දුරට සක්‍රීයද?

සරල දෙස දකිමු වසර ගණනාවක් සොච්චම් වැටුපට තම ජීවිතයට කැප කරන වතුකරයේ ජනතාවගෙන් බහුතරකට තවමත් බිම් අගලක් නැත ඔවුන්ගේ දරුවන් මන්දපෝෂණයෙන් පෙළෙයි ඔවුන් ජීවිතය තිරණය කරන්නේ වතු හාම්පුතුන්ය උතුරු නැගෙනහිර දිගු කළක් යුද්ධයෙන් පීඩිත ප‍්‍රදේශය එම ප‍්‍රදේශ වල ජීවත වන අබාධිත තරුණ තරුණියන් වැන්දඔුවන් ගණන ලක්ෂ ගණනකි ඔවුන්ගේ ජීවිතය එමෙම ප‍්‍රශ්නාර්ථයක්ව තිබේ එම ප‍්‍රදේශ වල පවතින රජයේ රැුකියා පිටස්තරයන්ට හිමිවෙද්දි ජීවනෝපාය මාර්ග රැුසක් ආරක්ෂක අංශ විසින් මෙහෙයවනු ලබයි එම ප‍්‍රදේශ වල මේ වනතෙක් කිසිදු විශාල ආර්ථිකමය වශයෙන් ආයෝජන ව්‍යාපෘති කි‍්‍රයාත්මක කොට නැත ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා පවා පොළොන්නරුවෙන් උඩට අඩිය තබන්නේ ඉතා කලාතුරකිනි

යුද්ධයෙන් අතුරුදන්වුවන් හා ඔවුන්ගේ පවුල් වලට මෙතෙක් ඉටු කළ සාධාරණය කුමක්ද දේශපාලන සිරකරුවන්ගේ ඉරණම කුමක්ද තවමත් උතුරේ ඉඩම් අක්කර 4000 ආසන්න ප‍්‍රමාණයක් ආරක්ෂක අංශ සතුය මීට එහා ගිය ගැටලු රැුසකින් උතුරු නැගෙනහිර ජනතාව තවමත් පිඩා වීදී
සමස්තයක් ලෙස ගත් කළ මෙරට මඩගොහොරු දේශපාලනය සමස්ත ජාතියම විනාශයට ඇද දමා ඇති බව සැබෑවකි නමුත් ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ එහි මාධ්‍ය ප‍්‍රකාශක මොහොමඩ් මුසම්මිල් යන මහත්වරු පිරිවරට යොමු වන ප‍්‍රශ්නය නම් මෙරට සුළුතරයට් සමානාත්මතාවයෙන් ආත්මාභිමානයෙන් ජීවත්වීමේ අයිතියක් නිදහසක් මෙරට මුලික නීතියේ නොවන්නේ නම් එතැන ගැටලුවක් නොවන්නේද එවන් අයිතියක් ඉල්ලා සිටීම ඔවුන්ට අකැපද එවන් අකැපයක් තිබෙන්නේ මෙරට සුළුතරය තවදුරටත් ප‍්‍රජාවක් බව නොපිළිගැනිම නිසාද යැයිය. එවැනි අකැපයක් තිබේ නම් ඔවුන්ගේ රජයක් හෝ ආණ්ඩුවක් විසින් දෙමළා ඇතුළු සුලුතරයට ලබාදෙන විසදුම් මහත් අපෙක්ෂාවෙන් යුතුව අප බලා සිටින්නෙමු

තවද දීර්ඝ කාලයක් විවිධ ගැටලු වලින් පිඩාවට පත්ව සිටින දෙමළා ඇතුළු සුළුතරයේ අද මතය වී තිබෙන්නේ ඊළමයකින් තොරව තම නියෝජිතයින්ටත් මෙරට ආණ්ඩුකරණය සදහා යම් හවුල්වීමක් පංගුකාරීත්වයක් තිබීමෙන් මෙම ගැටලු විසදා ගැනීමට මෙන්ම තමන්ගේ අනාගතයද සුරක්ෂිත කෙරෙනු ඇති බවයි එය සාධාරණ යැයි හෝ අසාධාරණ යැයි තීරණය කිරීම ඔබ සතුය.

තවත් කඩුල්ලකින් හමු වෙමු

සාරල් සුබ්‍රමනියම්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *