නෝර්වේ කතකට හදි කළේ යැයි ධනුෂ්කගෙන් ප්‍රකාශ ගනී
කොල්ලුපිටියේ හෝටලයකදී නෝර්වේ ජාතික තරුනියකට ලිංගික අතවර කලේ යයි එල්ල වන චෝදනාව සම්බන්දයෙන් ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකගෙන් පොලීසිය ප්‍රකාශයක් සටහන් කරගෙන ඇත.
කොල්ලුපිටිය පොලීසිය විසින් එම ප්‍රකාශය සටහන් කරගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.
මෙම චෝදනාවට ලක් වූ ධනුෂ්ක ගුණතිලකගේ මිතුරෙකු අත්අඩංගුවට ගෙන දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටී.
අදාල හෝටලයේ කැමරා පද්ධතියේද ධනුෂ්ක ගුනතිලක හා විදේශීය තරුණියන් දෙදෙනෙකු සිටිනු පටිගත වී ඇති අතර අදාල හෝටලයේ කාමර ගාස්තු පවා ඔහු විසින් ගෙවා දමා ඇති බවද සදහන්ය.