සටනින් තොර ඡයග්‍රහණ නොමැත.

පසුගිය ඡුලි 29 වැනි දින බංග්ලාදේශයේ ඩැකා අගනුවර මහාමාර්ගයක තවත් බසයක් පසුකිරීමට වෙිගයෙන් ධාවනය කල බස් රථයක ගැටී ගැහැණු දරැවෙක් සහ පිරිමි දරැවෙක් එතැනම මිය ගොස් තිබිණි. තවත් පිරිසක් තුවාල ලැබූ අතර මෙය ඩැකා වැසියන්ට සාමාන්‍ය සිද්ධියක් වන තරමටම ඩැකානුවර රිය අනතුරැ දෛනික අංගයක් බවට පත්ව තිබූ මොහොතක්ය එය.. එහෙත් ඩැකා නුවර විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් මෙය දුටුවෙි මහා අපරාධයක් හා මිනිස් ඡිවිත තුටිටුවකට මායමි නොකල මනුෂ්‍ය ඝාතනයන් ලෙසිනි. පසුගිය වසරේ පමණක් 

බංග්ලාදේශයේ අවිනීත රියදුරන් විසින් හප්පා මිය ගිය පදිකයන්ගේ ගණන 4000 කි. ඔවුහු ඊට විරෝධය පලකරමින් පාරට බැස්සෝය. ඡුලි 30 දින සරසවි සිසුන් පොලිසියේ අණ නොතකා මහා මාර්ග බාධක දමමින් සියලු බස්රථවල රියදුරන්ට වලංගු බලපත්‍ර තිබෙිදැයි සොයා බැලුවෝය. ඩැකා නුවර දෛනික වැඩ කටයුතු ඇණහිටිනි. මෙි විරෝධයට සමස්ථ විශ්ව විද්‍යාල සිසුන්ද උසස් පාසැල් සිසුන්ද එක් වු විට මුලු නගරයම ඔවුනට සියතට ගත හැකිවිය. ඔවුන් නගරය තම අත්වලට ගත්තෝය. පොලිසිය කදුලු ගෑස් සහ බැටන් ප්‍රහාර එල්ල කලේ ඉන් අණතුරැවය. අගෝස්තු 01 දා වනවිට තුවාල ලැබූ සිසුවන්ගේ සංඛ්‍යාව 64 ක් විය. ඔවුහු තම සටනට උදවි කරන ලෙස අන්තර්ඡාලයේ සමාඡඡාල හරහා ඡනතාවට පණවිඩ යවන්නට පටන් ගත් අතර අගෝස්තු 02 දින බංග්ලාදේශ් රඡය විරෝධතාකරැවන්ගේ කටයුතු සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කිරීම අවහිර කිරීමට 3G – 4G අන්තර්ජාල සේවා අවහිර කලේය..සිසුන් ඉන්පසු ප්‍රචන්ඩකාරී ක්‍රියාවන්ට මාරැ විය. රඡයේ වාහනවලට ගල් ගැසු අතර සමහර මාර්ග ටයර් පුලුස්සා දමමින් අවහිර කළහ. අගෝස්තු 05 දින ඩැකා මාර්ගයේ ගමන් කරමින් තිබූ ඇමෙරිකා එක්සත් ඡනපද තානාපතිනියගේ රථ පෙලට පැට්‍රල් බෝමිබ වලින් දමා ගැසීය. ඔවුන් කෑ ගසමින් ඉල්ලා සිටියේ එක දෙයකි.


” දුෂණය නතර කරපල්ලා ලොසිංඡර දෙනව වගේ රියදුරැ බලපත්‍රදෙන්න එපා යකෝ !..”
” මහමග වාහන වලට හප්පා මිනිසුන් මරණ රියදුරන්ට මරණ දඩුවම පමුණුවන නීති හදවි ”
ඉල්ලීමි දිනාගෙන මිස යළි නොඅකුලවන මෙි දැවැන්ත ශිෂ්‍ය විරෝධය හමුවෙි අගෝස්තු 05 වැනි දින වනවිට ඩැකා නුවර එක්කෝටි අසු ලක්ෂයක ඡනතාව අකර්මන්‍ය මිනිසුන් බවට පත්විය. ඒ බව තමාටත් දැනුනු පසු එදිනම බංග්ලා දේශ නායිකා ෂික් හසිනා සිය සුන්දර මුව විවෘත කලාය.
“” ශිෂ්‍යයනි විරෝධය අවසන් කර ගෙවල් වලට යන්න. ඔබලාගේ සැලකිල්ලට භාඡනය වු මහාමාර්ග ආරක්ෂාව ඇති කිරීමටත් ඊට අවශ්‍ය ප්‍රතිසංස්කරන පනතත් මම ගෙන එමි. එමෙන්ම මහාමාර්ගවල චෙිතනාවින්විතව හා නොසැලිකිලිමත් ලෙස මහමග යන්නවුන් මරා දමන රියදුරන් හට මරණ දඩුවම පැනවීමට නීති සමිපාදනය කරන ලෙස පාර්ලිමෙින්තුවෙන් ඉල්ලා සිටිමි. ”
ඒ අනුව 2018-08 06 විශේෂ කැබිනටි අනුමැතියකින් මහා මාර්ග ප්‍රවාහන පනත සංශෝධනය කිරීමට බංග්ලාදේශ් පාර්ලිමෙින්තුව පියවරගෙන තිබිනි 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *