හුලං බල්ලෝ…සහ….අපේ බල්ලෝ…

අපේ ගෙදර කුකුට…මේ දවස්වල ඉවසිල්ලක් නැත….හැම වෙලේම…කෙදිරි ගගා…දම්වැල හප…හපා…බිම පහුරු ගාමින්….රැලේ යන්නට දගලයි….රැලේ ගොස් පුරුදු නැති උගේ….බලු අයිතිවාසිකම් ආරක්ෂා කර දීම සදහා… බටහිර ඉල්ලීම සහ….ඔටාරා නෝනෙගේ අනුශාසනා මත…පහු ගිය වර… ඕන නාඩගමක් නටන් එන්නට කුකූව…ලිහා අත ඇරි එකේ විපාක මට හොදට මතකය….රැලට ගොස් පුරුදු නැති කුකූගේ…අවයව..කැලි එල්ලෙමින් ගෙට බඩ ගා ගත් විට…ගෙදර උන්දැ ..”මට නම් බැහැ..බල්ලොන්ටයි..කොල්ලොන්ටයි…දෙගොල්ලකට සාත්තු කරන්න”.. . කියා ගෙදර උන්දැ යුධ ප්‍රකාශ කලා මතකය… ඔෆිසියෙත් නිවාඩුවක් දමන්…කුකූ ට සර්ජරියක් කරල යන්තම්…අවයව ටික බේර ගත්තේ නැත්නම්..පාර්ලිමේන්තු බෝම්බ කේස් එකේදි…ලලිත් මහත්තයට වුන දේ…අපේ කුකූටත් වෙනවාය… කුකූගෙ අයිතිවාසිකම් ගැන කතා කල එක බටහිරයෙක්වත්…කුකූට කොහොමදැයි කියා බලන්න පැත්ත පලාතේ ආවේ නැත…ඒ උන්ගේ හැටිය….

කුකූ වගේම කකුල් දෙකේ ..කුකූලා මේ දවස් වල වැහි වැහැලාය…නිකන් කුකූලා පමනක් නොව “හුලන් කුකූලා හෙවත් Air Dog” ලා ද එමටය… ඔබලාද එම හුලන් ඩෝග්ලා දැක ඇතුවාට සැක නැත….හුලන් ඩෝග්ලාටද අමුතු ආතල් එකක රැලේ යන කාලයට ඇත… කුකූ වගේම කකුල් හතරේ ඩෝග් කෙනෙක්…තවත් එකියක සමග හැමිනුන පසුව….එම වැඩේ කොරගන්න බැරි උන කුකූලා…වටෙන් ඉදන්…එම වැඩේම කොරනව වගේ..ඇක්ට් කොර්මඉන් පෙන්වනු ලබන අතර….එම කුකූලා…හුලන් ඩෝග් ලා ලෙස නම් කරනු ලබයි…ඇත්ත ඩෝග් ලා ට මෙන්…ආතල් එකක් නැතුවා විය හැකි මුත්…උනටද ආතල් එකක් නැති වෙන්නම බැරිය…

සිරි ලන්කවා නම් ආෂික් ලන්තයේද…මේ වෙලාවේ…ඇත්ත කුකූලාට වඩා…හුළන් ඩෝග් ලා වැහි වැහැලා ඇත…. ලොකු කුකූලා හැමිනෙන කොට…උන්ට..ලොකු ලොකු පට්ටම් ලැබෙන කොට…මේ හුලන් ඩෝග්ලාට…සභපතිකමක්…වර්කින් ඩිරෙක්ටර් කමක්…ටෙන්ඩරයක්…බාර් ලයිසමක්…වැලි ලයිසමක්…ඔය මොකුත්ම බැරි නම්…ජොබ් කට්ටක් හෝ ලැබෙනවා ඇත…එනිසා හුලන් ඩෝග් කෙනෙක් වීම නරකම නැත…අවුල තියෙන්නේ….හුලන් ඩෝග්ලා පසු පස යන අපේ කුකූලා වගේ අය…. ඔය කොල්ලන් ටිකක්…ගහන ගල් පාරකට අඩු බඩු කඩාගෙන…බලු වැන් එකට අහුවෙලා…එහෙම නැත්නම්…ඔය පාර පුරුදු නැති නිසා…අහක යන මගුලකට යට වෙලා….අන්ඩක් කඩා ගැනීමය..නැත්නම්….ජීවිතෙන්ම වන්දි ගෙවීමය…

මේ රගපාන්නේ..එසේ මෙසේ…නාඩගමක් නෙවෙයිය…අපේ..කුකූලා… කුකූලාගෙ යාලුවන්ගේ ඩ්‍රාමා එකක් නෙවෙයිය… මේක…නලුවන් ටික අපේ කුකූලා උවද….ඩිරෙක්ටර්ලා..ප්‍රොඩියුසර්ලා… පිටරටය….ඉන්දියන් සාගරේ බල උවමනවා වෙනුවෙන්…අපේ කුකූලා රූකඩ කරමින්…ඇමරිකාවත්…චීනයත්..අතර සටනක්ය… මෝරුන්….මෝරුන්…සටන් කරන කොට හාල් මැස්සන්ට කොරන්නට දෙයක් ඉතුරු වෙන්නේම නැත… අපේ කුකූ වගේම…ඔය පොඩි පොඩි හාල්මැස්සො ටික…කාගෙ හෝ වත්තක ගස් බැද ඇත…හුලන් ඩෝග් කෙනෙක් වෙන්නට උන්ට උවමනාවක්ද නැත….අර කොල්ලො කාලෙ ..අපි කට කහනවට කිවුවේ…”අලි __කයි…අපි තැලෙයි”…කියලා…ආන්න ඒ වැඩෙ තමයි මේ වෙන්නේ… එනිසා අපේ ජීවිතේ…බේරන් අපි…අපේ පාඩුවේ…කුකූට..අපිඅට..හැමෝටම ගැලපෙන…නාට්ටියක්…අපි ලියාගෙන…අපිට ගැලපෙන විදියට අපිම රගපාමු….අනුන්ගේ…ඒවායේ…හුළන් ඩෝග් කෙනෙක් වෙන්නේ නැතුව….ඕ.කේ……

– බිම්සර කහටපිටිය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *