ගෝඨභය වැඩට බසී..

මෙතෙක් පොදුජන පෙරමුණේ ජනාධිපති අපෙක්ෂකත්වය කිසිවෙකුට හිමිවන්නේද යන්න සම්බන්ධයෙන් නිශ්චිතව දක්වා නොමැති තත්වයක් තුළ. ඒ සදහා සූදානම් වන මූලික තරගවදින්නා ලෙස ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති අපේක්ෂකත්වය සදහා වන වැඩට මුල පුරා ඇති බව වාර්තාවේ.
ඒ අනුව ජනාධිපතිවරණ කටයුතු ආරම්භ කිරීමට පෙරාතුව අගෝස්තු 11 වන දින නාරාහේන්පිට අභයාරාම විහාරස්ථානයේදී පැවැත්වෙන දානමය පිංකමකින් සිදු කරන බව වාර්තා වෙයි.

එදින පස්වරුවේ ඒ මහතා ජනාධිපති අපේක්‍ෂකයා ලෙස ප‍්‍රකාශයට පත් කිරීමට නියමිත ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආරංචි මාර්ග කියා සිටියේය.

මේ අතර තම ඇමෙරිකානු පුරවැසිභාවය අත්හැරීනේ ලිපි ලේඛණ 11දාට පෙර ප්‍රසිද්ධ කිරීමටද ගෝටාභය රාජපක්‍ෂ මහතා තීරණය කර ඇති බවද වාර්තා වෙයි.

ජනාධිපති අපේක්‍ෂකත්වය ලැබීමෙන් පසු ජය ශ‍්‍රී මහා බෝධිය, දලදා මාලිගාව, මහ නාහිමිවරුන්, කතරගම දේවාලය ඇතුළු ආගමික සිද්ධස්ථාන ගණනාවක් සතියක පමණ කාලයක් තිස්සේ වැද පුරා ගැනීමෙන් පසුව කොළඹට පැමිණ මුල්ම හමුව ලෙස අගරදගුරුතුමන් හමුවීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *