ගේමට ගේම දුන් ඊලෝන් මස්ක්ගේ රොකට් සෙල්ලම

අමෙරිකාව කියන්නේ ලෝකේ ඉන්න ලොකුම බලවත් රාජ්‍යයයි. එත් මේ දවස්වල නම් එච්චර හොඳ කාලයක් නෙමෙයි. COVID-19 රෝගයත් එක්ක මේ දවස්වල දිනෙන්දින ඉහළ යන ප්‍රචන්ඩත්වය අස්සේ හරි ලස්සන සිදුවීමක් වුණා. අනාගතයේ දවසක අලුත් විනෝද චාරිකාවක් යන්න පුළුවන් විදිහේ වැඩක් වුණා.

ලෝකේ ඇතුළේ කරපු මේ පෙරළිය ගැන කතාබහ කළා මදිද කියලත් හිතෙනවා. මොකද ඒ තරම් අනාගතයට මේක ගොඩක් වැදගත් වෙනවා. මුලින් ම අභ්‍යාවකාශ උණක් හැදෙන්නේ රුසියාවටයි. පස්සේ පස්සේ මේකේ ඌෂ්ණේ වැදිලා අමෙරිකාවත් අභ්‍යාවකාශ ගමන් ආරම්භ කරනවා. අන්තිමට ඒ උණයි, ඒ ඌෂ්ණේයි හොඳට ම වැඩි වේලා පොඩි උණුසුම් තරගයක් ඇති වෙනවා. ඒ තරගය අපි කරන ගීතෙන් ගීතය තරගය වගෙයි. රුසියාව එකක් කරනකොට තව එකක් අමෙරිකාව කරන්න පටන් ගන්නවා. ඇත්තට ම මේවා අනාගත ආයෝජනයන් වෙනවා.

“Silent is the most powerful” කියන කියමන සනාථ කරමින් අවුරුදු නවයකට පස්සේ ආයේමත් සැරයක් නිහඬව ඉඳපු අමෙරිකාව සුපිරි ගණයේ වැඩක් එක්ක අලු ගසා ගෙන නැගිටිනවා. මේ වැඩේට නාසා ආයතනය එක්ක තවත් කෙනෙක් සම්බන්ධ වෙනවා. ඔහු ඊලෝන් මස්ක්. ඔහුගේ ආයතනය වුණු ස්පේස් එක්ස් කම්පනියත් එක්ක එකතු වේලා මිනිසුන් සහිතව රොකට් එකක් අභ්‍යාවකාශ ගත කළා. ඒ ඉකුත් මැයි මස 31 වන දිනයි. මේ රොකට්ටුවට දීපු නම ”ෆැල්කන් නයින්” යන නාමයයි. මේ රොකට්ටුව මීට පෙර ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානයට අවශ්‍ය අමුද්‍රව්‍ය රැගෙන ගිහින් තිබෙනවා.

අමෙරිකානු නාසා ආයතනය මීට වසර නවයකට පෙර ශට්ල් යානා විශ්‍රාම ගැන්වීමෙන් පසු එම ආයතනය හරහා ගගනගාමීන් ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානයට පිටත් කර හැරියේ ප්‍රථම අවස්ථාව මෙයයි. කෙසේ නමුත් මෙම රොකට්ටුව බොහොම විශේෂ විදිහට සකස් කරලා තියනවා. රොකට්ටුවක් ඉහළ අහසට එස වූ පසුව වරින් වර එක් එක් වායූ ගෝලීය තත්ත්වල දී ඉහළට ගමන් කරන රොකට්ටුවේ කොටස් එකින් එක ගැලවිලා අවසානයේ මිනිස්සු ඉන්න කුඩා කොටසක් පමණක් ඉතුරු වෙනවා.  ඒත් අන්තිමට අර වැටෙන අනවශ්‍ය කොටස් වැටෙන්නේ මුහුදටයි. මේ කොටස් එකතු කරන ප්‍රොසෙස් එකත් තිබ්බත් රීයූස් කරන්න හැකියාවක් නෑ. ඒත් ෆැල්කන් නයින් රෝකට්ටුවේ ස්ටේජ් වන් කොටස නැවත පොළොවට වැටෙන විදිහට හදලා තියෙනවා. ඒ වගෙ ම නැවත රියූස් කරන්නත් පුළුවන් විදිහට හදනවා.

හාන් සෝලෝ පදින අයිකොනික් ස්පේස්ෂිප් එකේ නම “මිලේනියම් ෆැල්කන්”.මේ නව රොකට්ටුවේ මුල් නාමය සඳහා “ෆැල්කන්” යොදා ගන්නවා. මු ලින් එන්ජින් නවයක් යොදා ගෙන තියන නිසා දෙවැනි නම විදිහට “නයින්” නම් කරනවා. මෙහෙම හැදුණු ෆැල්කන් නයින් රොකට්ටුවේ පළමු ගමනේ ගගනගාමීන් ලෙස රොබට් බෙන්කන් සහ ඩග්ලස් හලි සහභාගී වුණා. ඒ වගේ ම මේ ගමන සඳහා ම අලුත් ගගනගාමී ඇදුමක් නිර්මාණය වෙනවා. වෙනදා අපි දකින් ඇදුමට වඩා මේක ගොඩක් වෙනස් විදිහට නිර්මාණය කරලා තියනවා.නවීනත්වය වගේ ම වෙනදා දකින ප්‍රමාණයට වඩා කුඩා ප්‍රමාණයට මෙම ඇදුම සකස් කරලා තියනවා. ඒ වගේ ම මේ ඇදුමේ ග්ලව්ස් ටච් ස්ක්‍රීන් එකක වැඩ කරන්න පුළුවන් විදිහට නිර්මාණය කරලා තියනවා. මේක අලුත් විදිහට කරපු නවීන නිර්මාණයක් කියන්න පුළුවන් විදිහට ම හදලා තියෙනවා.

මේ වෙනකොට අමෙරිකානු ගගනගාමීන් දෙපළ ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථාන වෙත ළඟා වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
මෙම අභ්‍යාවකාශ කැප්සියුලයේ පද්ධති ක්‍රියාකාරීත්වය සොයා බැලීමට හා ඔවුන්ගේ ප්‍රතිචාරය ඉංජිනේරුවන් වෙත ලබා දීම යන කාර්යයන් ඉටු කිරීමට ගගනගාමීන් මෙලෙස අභ්‍යාවකාශ මධ්‍යස්ථානයට පිටත් කර තිබෙනවා. මෙම කැප්සියුලය පූර්ණ ස්වයංක්‍රීය ක්‍රිමවේදයක් ඔස්සේ ක්‍රියාත්මක වන්නකි.පසුගිය සතියේ අභ්‍යාවකාශ මධ්‍යස්ථානය කරා ගමන් කිරීමට දිනවකවානු යොදා ගෙන තිබුණ ද පැවති කාලගුණ තත්ත්වය සලකා මෙම සතියේ දී එය ක්‍රියාත්මක කෙරුණි. කෙසේනමුත් විචාර මතය නම් මෙය නව යුගයක ආරම්භයක් බවයි.

ඊලෝන්ගේ මේ රොකට් ගමන ඉතිහාස ගත වෙන්න ගොඩක් හේතු තියනවා.ඒ අතරින් විශේෂ තවත් හේතුවක් වෙන්නේ පෞද්ගලික ආයතනයක් එක්ක මැදිහත් වේලා රොකට් එකක් යවපු ප්‍රථම වතාව මෙයයි. මේ නිසා නව යුගයක ඇරඹුමක් ලෙසින් විචාරකයෝ දක්වන්නේ මේ නිසාමයි.

ඊලෝන්ගේ මේ වැඩේ නවීන විදිහට සුපිරි කියන්න පුළුවන් තැනක තියනවා. ඉස්සරහට තවත් මේක අලුත් අලුත් නව මුහුණුවරකින් ලෝකයට එනවා. ඊලෝන් මේකත් එක්ක ස්පේස් ට්‍රැවලින් කියන සංකල්පයත් මුහු කරන් ඉස්සරහට අලුත් වැඩක් කරන්න හදනවා. දැනටමත් ඔහු ඒ සඳහා අඩියක් තියලා ඉවරයි. ඊලෝන් මේ වනවිටත් “ස්පේස් ඇඩ්වෙන්චර්ස් ට්‍ර්වල් ඒජන්සි” යත් සමඟ ගිවසුම් අත්සන් කරලා තියනවා. ඒ නිසා ම නෝබෝ දිනකින් ම පෘථිවි ජීවීන් අභ්‍යාවකාශ තරණයත් කරාවි.මේය තාක්ෂණික ලෝකයේ තාක්ෂණයේ ලොකුම පෙරළිය කරනවා නොඅනුමානයි.

නැවත ලොව වටා තරණය කරමු –

මම – හසිනි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *