හින්දි සිනමාවේ සිහින කුමාරයා හදිසියේ සමුගත්තේ ඇයි ? – ( තරණය- හසිනි දෙනිපිටිය )

කඩවසම්, නිහතමානී,දක්ෂ,ප්‍රතිභා පූර්ණ තරුණ නළුවෙක් සිය දිවියෙන් සමු ගත්තා. ඒ තිස් හතර වැනි වියේ පසු වූ සූශාන්ත් සින්ග් රාජ්පුත් යන බොලිවුඩ් රංගන ශිල්පියා යි.1986 ජනවාරි 21 වන දින සූශාන්ත් ඉන්දියාවේ patna හි උපත ලබනවා. මෙකෑනිකල් ඉංජිනේරුවරයෙකු ලෙස අධ්‍යාපන මාවත විවරණය කර ගන්නා සූශාන්ත් පසුව මොම්බායිවලට පැමිණ නළුවකු වීමේ සිහිනය යථාර්ථයක් කර ගැනීමට වෙර දැරුවාය. ඔහු වෙළඳ දැන්වීම්, රඟහල් ආශ්‍රිය කර ගනිමින් කලා ක්ෂේත්‍රයට පෙරමන් තබනවා. ඉන් අනතුරුව ටෙලිනාට්‍යය ක්ෂේත්‍රය හරහා ඔහු කලාවට පැමිණෙනවා. ඒ අනුව රූපවාහිනී කතා මාලාවක් වූ Kis Desh Mein Hai Meraa Dil යන ටෙලි නිර්මාණය හරහා සිය වෘර්තීය රංග දිවිය ආරම්භ කරනවා. ඉන්පසුව පවිත්‍රා රිෂ්තා සමඟ නර්තන රියැලිටි වැඩසටහන් දෙකක් ද සිදු කරනු ලබනවා.මෙලෙස සුශාන්ත් කෙමෙන් කෙමෙන් ටෙලි තිරයෙන් බොලිවුඩ් සිනමාව ආක්‍රමණය කරනු ලබනවා.ඒ අනුව ඔහු බොලිවුඩ් සිනමාවට අවතීර්ණ වනුයේ Kai Po Che නම් චිත්‍රපටය හරහා යි.ඒ 2013 වර්ෂයේ දී ය.   අනතුරුව Shuddh Desi Romance,PK,Detective Byomkesh Bakshy,M.S.Dhoni,Raabta,Kedarnath,Sonchiriya,Drive,Chhichhore යන චිත්‍රපටවලින් රසික හදවත් තුළ ලැඟුම්ගත් තරුණ රංග පෞර්ෂයක් විය. මෙවන් රංග පෞර්ෂයක් සිය ජිවිතයෙන් සමු ගැනීම රසිකයන්ට මෙන්ම බොලිවුඩ් සිනමාව ද කැළඹීමට ලක් කළ කරුණකි.

සිය පවුල තුළ කලා පසුබිමක් නොමැතිව ඔහු ආ ගමන අද්විතීය යි.පාසල් අධ්‍යාපනය සමඟ ඇරඹී කලා ගමන් මඟ සෙමින් සෙමින් ඔහු පැමිණ කෙටි කලකින් ටෙලි තිරය මෙන්ම සිනමාව ද ආක්‍රමණය කළ තරුණ රංග පෞර්ෂයක් විය.දක්ෂතාවය,  කැපවීම සිය ගමන්මඟ සාර්ථක කළ බව නොරහසකි.ඔහු තම රංග පෞර්ෂය මනාව පිළිබිඹු කල හැකි,කලාත්මක බවින් ඉහළ නිර්මාණ තෝරා ගනිමින් සිය රංග ප්‍රතිභාව ලොවට පෙන්විය.සුශාන්ත් රංගන ක්ෂේත්‍රය නොමැකෙන සටහන් තබමින් බොලිවුඩය තුළ කැපී පෙනුණි. රංගනය වගේ ම ඔහු සතුව වූ ඒ සිනහව පිරි මුවඟ තවතවත් ඔහුගේ ජනප්‍රියත්වය වර්ධනය කරන්නට ඉවහල් විය.

MS Dhoni චිත්‍රපටය තුළින් බොහෝ දෙනාගේ කතාවට ලක් වූ සූශාන්ත් එහි දී රංගනය මනාවට ඉදිරිපත් කෙරිණි.මේ නිසා ම ඔහු සිනමා ක්ෂේත්‍රය තුළ බොහෝ දෙනෙකුගේ කතාබහට ලක්වනවා.මේ හරහා නැගී එන රංගන ශිල්පියකුගේ ප්‍රතිබිම්බය පෙන්වීමට ඔහු සමත්වනවා. එසේම Chhichhore සිනමාපටය තුළ ජිවිතයේ යථාර්ථය මැනවින් පෙන්වීමට සමත් වූ නිර්මාණයක් වෙනවා. තරුණයා මෙන්ම මැදිවියේ මිනිසා යන අවස්ථා දෙක ම හොඳින් දක්ෂ ලෙස සූශාන්ත් නිරූපණය කරනවා. ඉන්දීය සිනමාව උඩු යටිකුරු කළ PK චිත්‍රපටය තුළින් ප්‍රේමනීය චරිතයක් ඉදිරිපත් කරන සූශාන්ත් ප්‍රේමවන්තයෙකුගේ ජවනිකාව අපූරු ලෙස ඉදිරිපත් කරනවා. සෑම නිර්මාණයක් තුළ ම ඔහු සිය උපරිමය කරමින් චරිතය පණ පොවයි. මේ නිසා ම ඔහු දෙස බලා සිටින ප්‍රවීණ විචාරකයන් ඔහු ඉන්දීය සිනමාවේ බලාපොරොත්තුව ලෙස නම් කෙරිණි.

සිය රංගන දිවිය තුළ අතිශය සාර්ථක ගමන් මඟක යමින් සිටි සූශාන්ත්ට ජිවිතයෙන් සමු ගැනීමට තරම් සිදු වූයේ කුමක් ද යන්න මේ මොහොත වනවිටත් අනාවරණය කර ගෙන නොමැත. මුම්බායිහි බද්ද්‍රා ප්‍රදේශයේ මහල් නිවෙසක දී සූශාන්ත් ගෙල වැලලා ගෙන මිය ගොස් ඇතිබව ඉන්දීය මාධ්‍ය වාර්තා කළා. මෙලෙස මිය යාමට හේතුව කුමක් ද යන්න වාර්තා නොවුණ ද සූශාන්ත් විශාදයෙන් පෙලුණු අයෙකු බව මේ වන විට අනාවරණය කරගෙන ඇත. එසේම මීට සතියකට පමණ පෙර ඔහුගේ හිටපු කළමනාකාරිය වූ දිෂා සාලියාන් ද මහල් 14 කින් පැන සියදිවි හානි කරගෙන තිබෙනවා. ඒ පිළිබඳ සූශාන්ත් සිය ටූව්ටර් ගිණුමේ “ඉතා සංවේග පුවතක්” ලෙස සඳහන් කර තිබූ බව මාධ්‍ය වාර්තා කරනවා. නමුත් ඇගේ මරණය හා සූශාන්ත්ගේ මරණය අතර සැබැඳිකමක් ඇත්ද යන්න තවමත් තහවුරු වී නොමැත. කෙසේ නමුත් ඔහු ජුනි තුන් වන දින සිය ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුමේ තම මවගේ හා ඔහුගේ ඡායාරූපයක් පල කරමින් මවට කෘතගුණ සටහනක් අවසන් වරටත් තබා තිබුණි.

ඔහුට ආදරය කරන පිරිස් මේ පුවත විශ්වාස කිරීමට ද නොහැකි මට්ටම ම මෙම පුවත සංවේදී පුවතක් වනවා. ඉන්දීය නළුනිළි කැල ඔහුගේ වෙන් වීම ඉතා ශෝකානුකූල ලෙස සමාජ මාධ්‍ය තුළ සඳහන් කර තිබුණි. අනුෂ්කා ෂර්මා ද සිය ටුව්ටර් ගිණුමේ සූශාන්ත් සමඟ කළ භෞතික විද්‍යා සාකච්ඡාව මතක් කරමින් සිය සංවේගය පල කර තිබුණි. සුපිරි නළු ශාරුක් සිය ටුව්ටර් ගිණිමේ “අතිශය කනගාටුදායී හා කම්පණය වූවක්” බව සඳහන් කරනවා. සූශාන්ත් හා ශාරුක් දෙදෙනාම ආදරණීය මිතුරු ඇසුරක් පැවැත් වූ දෙදෙනෙකි. එසේම සූශාන්ත් ෂාරුක්ට සමාන චරිතයක් ලෙසින් බොහෝ විචාරකයින් හඳුන්වා දුණි. එවැනි ප්‍රතිභාවක් කලාව තුළ පෙන් වූ ඔහු අද සදහටම සිය ජිවිතයෙන් සමු ගනු ලැබුවේ ඉන්දීය සිනමා තිරයට අඩුවක් එක් කරමිනි.

 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *