දේශීය සිනමාව දියුණු කරන්න බලධාරීන් කාටවත් වුවමනාවක් නෑ. – ආරියරත්න ඇතුගල

* පළමුවෙන්ම ඔබ පැවසුවොත් සහෝ සිනමා නිර්මාණය කිරීමට අදහස ඇතිවුණේ කෙසේද යන්න?

සිනමා නිර්මාණකරණය ගැන මා තුළ අවබෝධයක් තිබුණත් ඒ ගැන මගේ සිත තුළ තෘෂ්ණාවක් හා එතරම් උනන්දුවක් ඇතිවුණේ නෑ. නමුත් පහුගිය කාලේ විශවවිද්‍යාල දියාරු ඉගැන්වීම් ක‍්‍රමවලින් හෙම්බත් වෙලා හිටපු මම විද්‍යාර්ථයින් සමග සිනමා කෘතියක් කරන්න හිතුවා. ඊට පෙරත් මම එවන් අරමුණින් ‘‘මහ සුපින’’ නමින් වේදිකා නාට්‍යයක් කළා. ඒ විද්‍යාර්ථයින්ගේ ප‍්‍රායෝගික දැනුම වර්ධනය කරන්න. ඉන් පස්සේ මෙම තිර පිටපත ලීවා. පළමු චිත‍්‍රපටිකරුවකුට අනුග‍්‍රාහකත්වය හොයාගන්න අමාරුයි. ඊට පස්සේ ඒ ස`දහා වන අනුග‍්‍රහයක් ගැන ආචාර්ය බන්දුල ගුණවර්ධන හමු වෙලා කියපුහම කැමති වුණා. එදා ඔහු කැමති නොවුණා නම් අද ‘‘සහෝ’’ නැහැ. මේ චිත‍්‍රපටිය තරුණ නිර්මාණකරුවන් රැුසකගේ පාසලක් වුණා. පන්ති කාමරයකින් ඉගෙන ගන්න බැරි දැනුමක්, පුහුණුවක් හා සම්බන්ධතාවන් ගොඩ නගාගන්න ඒ පිරිසට හැකිවුණා. ඒ අය අතරින් බොහෝ දෙනෙක් දැන් නිර්මාණ ක්ෂේත‍්‍රයේ වැඩ කරනවා.

 

 

aragalaya3

aragalaya4

* මේ සිනමා නිර්මාණයේ කතාබහ කරන්නේ සරසවි පේ‍්‍රමයක් සම්බන්ධයෙන්. සරසවිය සමග ඔබ වඩාත් සමීපව කටයුතු කරන නිසාද මෙවැනි වස්තුබීජයක් සිනමාවට නගන්න අදහස් කළේ?

සරසවි පේ‍්‍රමය හරිම ජනප‍්‍රිය මාතෘකාවක්. බොහෝ ගීත පවා ලියැවී තිබෙනවා. නමුත් මම මේ තේමාව තෝරගන්න හිතුවේ සරසවි විද්‍යාර්ථයින්ගේ ජීවිතේ ඇති සියුම් තැන් ස්පර්ශ කළ හැකි නිසා. සරසවි ගැන බොහෝ කලාවන් තුළ කතාකරන්නේ උඩින් පල්ලෙන්. මෙම ප‍්‍රස්තුතය තෝරා ගන්න බලපෑ අනෙක් හේතුව ඔබ කියන කාරණය. මට වඩාත් අත්දැකීම් තියෙන්නේ සරසවි සමාජය ගැන. අත්දැකීම් තිබූ පමණින් ඒවා කලාවකට ගන්නත් බෑ. මම නව දෘෂ්ටි කෝණයකින් සරසවි විද්‍යාර්ථයින්ගේ ජීවිත දිහා බලන්න උත්සාහ කරනවා. මියගිය තම සහෝදරයෙක් ගැන යහළුවන් දෙදෙනෙක් හා යෙහෙළියන් දෙදෙනෙක් හිතන හැටි චිත‍්‍රපටය පුරා තියෙන්නේ. අධ්‍යාපනයේ අරමුණු විවේචනාත්මක චින්තනය, දැනුම නිපදවීම, පුද්ගල හා සමාජ අනන්‍යතාව වර්ධනය කිරීම, ස්වයං නිර්මාණ ශක්තිය දිරි ගැන්්වීමයි. වෙනත් අයුරකින් කියන්නේ නම් කට පාඩම් කිරීමට නොව සිතන්නට ඉගැන්වීමයි. නව දේවල් සොයා ගැනීමට සිසුන් යොමු කරවීමේ අදහසින් මා මෙම නිර්මාණය කළා.

* සහෝ ලියන්න මොනවගේ කරුණු කාරණාද බලපෑවේ…

ශිෂ්‍ය දේශපාලනය, පේ‍්‍රමය, ලිංගිකත්වය, අධ්‍යාපනයේ නීරස බව, ආර්ථික හා සමාජ පීඩනය මෙහි ප‍්‍රස්තුත යයි. මෙහි කේන්ද්‍රීය චරිතය වන්නේ දැනට ජීවතුන් අතර නැති ශිෂ්‍ය දේශපාලන නායකයකු වන ‘සහෝ’ ය. කතාවේ කේන්ද්‍රීය ගැටුම සහෝ ගේ මරණය වටාය. ඔහුගේ මරණය සිදුවන්නේ පොලීසිය සමග ඇතිවූ ගැටුමකින් වුවද මරණයට හේතුව ලෙස මිතුරන් පිළිගන්නේ තරු විසින් එල්ල කළ ගල් පහරක් නිසා ඔහු මියගිය බවයි. මුළු සිනමා කෘතියම දිවෙන්නේ මේ සිදුවීම වටායි. එසේම මුළු කතාවම දිවෙන්නේ වර්තමාන කාලයෙනි.

* මෙය ඔබේ පළමු සිනමා නිර්මාණය. එ් ගැන මහාචාර්යතුමාට තියෙන්නේ මොනවගේ අත්දැකීමක්ද?

ලංකාවේ සිනමාකාරයෙක් වෙන්න ලේසි නෑ. සැඟවුණු ආධිපත්‍යයක් තිබෙනවා. එක පැත්තකින් මුල්‍ය අනුග‍්‍රාහකත්වය. අනිත් පැත්තෙක් තාක්ෂණික බල කඳවුරු. මම නිසා බේරගත්ත දේවල් තියෙනවා. සමහරවිට ආධුනිකයකුට ඒවා ජයගන්න අමාරුයි. සිනමා කලාවේ ආධිපත්‍යයත් සුළු පිරිසක් අත තියෙන්නේ. ඒ කුඩා වුණත් අතිශය බලවත් කල්ලිවාදයක්. මට සරසවි විද්‍යාර්ථයින්ගෙන් ලොකු සහයක් ලැබුණා. අනෙක පළපුරුදු දක්ෂ වෘත්තිය පිරිසකුත් මා සමග වැඩ කළා. ඔවුන්ගෙන් ලැබුණු අවංක සහය ද අගය කළ යුතුයි.

”සහෝ” සිනමා නිර්මාණයේ තිරරචනය හා අධ්‍යක්‍ෂණය මගේ. මෙහි දසුන් පතිරණ, ඩිනාරා පුංචිහේවා, හර්ෂි අංජුමාලා, බියංක අමරසිංහ, සොඳුරු ලොකුපෝතාගම හා නිවර්තනා දේවගේ රංගනයෙන් දායක වෙයි. සංගීතය තරුපති මුණසිංහ ගෙනි. සහාය අධ්‍යක්ෂණය සරත් සේනාරත්න, විධායක නිෂ්පාදනය ඉලේකා රුවන්පතිරණ, කැමරා අධ්‍යක්ෂණය හා ආලෝකකරණය චන්දන ජයසිංහ, කලා අධ්‍යක්ෂණය ගයාන් මධුශංක, වේශ නිරුපණය ලක්ෂිත ජයකොඩි, සංස්කරණය හා වර්ණ සංයෝජනය ඩිලාන් ගුණවර්ධන ගෙනි. ඇඳුම් නිර්මාණය මනෝරි චන්ද්‍රදාස සහ චමෝදරී ලක්ෂාණී, නිශ්චල ඡුායාරූප දම්මික පතිරණ ද පසුබිම් ගායනය ඉන්ද්‍රචාපා ලියනගේ හා උපේකා නිර්මාණී ගෙනි. නිෂ්පාදනය ආචාර්ය බන්ධුල ගුණවර්ධන, එච්.ඞී. පේ‍්‍රමසිරි හා රවින්ද්‍ර ගුරුගේ ගෙනි.

* මෙහි නළු නිළියන් තෝරාගැනීමේදී ප‍්‍රධාන වශයෙන් සලකා බලපෑවේ කුමන කාරණාද?

නළු නිළියන් තොරා ගත්තේ හරිම පරිස්සමින්. කාලයක් වරින් වර එකිනෙකා ගෙන්වාගෙන සොයා බැලූවා. මොකද අපේ නළු නිළියෝ වැඩි දෙනෙකුට චරිත තේරෙන්නේ නෑ. පෙනී සිටීම තමයි කරන්නේ. ඒක ඒගොල්ලන්ගෙ වැරැුද්දම නෙවෙයි. රංගනය ඉගෙන ගන්න තැනක් නැති එක. නමුත් චරිතයක අභ්‍යන්තර මනෝභාවයන් එක්ක ර`ගපාන්න හු`ගක් අය අසමත්. මම මේ පිරිස් තෝර ගත්තේ ඔවුන් තුළ ඇති එකිනෙකාට වෙනස් චරිත ලක්ෂණත් අවධානයට ගනිමින්.

මේ හැමෝම තෝරාගන්නේ පුහුණු වැඩමුළු කීපයකට සහභාගි කර ගනිමින්. දසුන් පතිරණ සතු රංගන කුසලතාව සුවිශේෂියි. ඔහු සරල ප‍්‍රවේශයකින් චරිතයට එළඹෙන්නේ. ඔහු මට හැකි තරම් චරිතය ගැන පැහැදිලි කරන්න කියනවා. දසුන් කියන දේ අහගෙන ඉඳලා චරිතය අල්ල ගන්නවා. ඔහුගේ රංග විලාශය පොදු විශ්වවිද්‍යාල තරුණයා නියෝජනය කරනවා. දසුන් පුළුල් රංග පරාසයක් තියෙන හො`ද ස්ථාන විනයක් ඇති අයෙක්. ඩිනාරා පුංචිහේවා එංගලන්තේ රංගන ශිල්පය හදාල කෙනෙක්. ඇය ඉතා හො`ද රංගන ශික්ෂණයක් හා සියුම් මනෝභාවයන් පළ කළ හැකි තරුණ නිළියක්. හර්ෂි අංජුමාලා නවක නිළියක්. ඇය වැඩිපුර ද`ගකාර ජනප‍්‍රිය රංග විලාශයන්ට පෙනී සිට තිබුණත් මගේ චිත‍්‍රපටය තුළ ප‍්‍රබල රංග ප‍්‍රතිභාවක් පළ කරනවා. අනිත් තිදෙනා ළ`ග නැති රංග ගුණයක් මා බියංක අමරසිංහ තුළ දැක්කා. ඔහු ආධුනික වුවත් සිනමාවට ගැලපෙන පෙනුමක් හා හැකියාවක් ඇති තරුණයෙක්.

* ‘සහෝ’ ලංකාවේ තිරගතවීමට කලින් ප‍්‍රංශගේ කෑන්ස් සිනමා උළෙලේ දෙවැනි වටයට තේරීම ගැන මොකද හිතන්නේ? කිනම් කාණ්ඩයක් යටතේද මෙය තේරුණේ?

සහෝ චිත‍්‍රපටය කෑන්ස් උලෙළේ අතිශය තරගකාරී ‘වෘතාන්ත’ කාණ්ඩයට නිල වශයෙන් තේරීම සතුටක්්. අපේ සිනමා ඉතිහාසය තුළත් දකින්න ලැබෙන්නේ මෙම උලෙළේ ඇගයීම් අවස්ථා දෙකක් පමණයි. මෙම උළෙලෙහි පරමාර්ථය වන්නේ චිත‍්‍රපට කලාව එහි සියලූ ආකාරවලින් වර්ධනය කිරීම දිරිගැන්වීම සහ චිත‍්‍රපට නිෂ්පාදනය කරන සියලූම සමාගම් අතර සහයෝගීතාව පවත්වා ගැනීමයි. කලාත්මක ජයග‍්‍රහණ ඇගයීම සඳහා 1946 දී ප‍්‍රථම වරට පවත්වන ලද මෙම උළෙල චිත‍්‍රපටවල කලාව හා බලපෑම කෙරෙහි උනන්දුවක් දක්වයි. ලෝකයේ මහා සිනමාකරුවන් හුඟක් ඉදිරිපත් වෙන්නේ මේ කාණ්ඩයට. මේ ලද අවස්ථාව මගේ පළමු චිත‍්‍රපටය හැටියට ලොකු දෙයක්. මින් එහාට මේ චිත‍්‍රපටිය එම උලෙළේ ඉදිරියට යයි කියලා මම හිතන්නේ නෑ. ඒ තරමට තරගකාරීයි. එකට හේතුව අපේ රටේ පොදුවේ තියෙන නිර්මාණාත්මක හා තාක්ෂණික අඩු පාඩුකම්. නමුත් මම මේ ගැන අතිශය තෘප්තිමත්. හැබැයි මම සම්මාන උද්දාමයට කැමති කෙනෙක් නෙවෙයි. එකෙන් නිර්මාණකරුවන් විකෘති වෙනවා. සම්මාන ලෝබය නිර්මාණකරණයට හානිකර මානසිකත්වයක් නිර්මාණකරුවන් තුළ ඇති කරන බව මා සමාජයෙන් අත්දැකලා තියෙනවා.

* වර්තමානයේ ලංකාවේ සිනමා කර්මාන්තය ගැන ඔබ දරන්නේ මොනවගේ මතයක්ද?

දේශීය සිනමාව දියුණු කරන්න බලධාරීන් කාටවත් වුවමනාවක් නෑ. සිනමාව කියන්නේ රටක විශිෂ්ටත්වය ලෝකයට පෙන්වන කැඩපතක්. දියුණු සිනමාවක් ඇති රටක් සංස්කෘතික රටක්. කොවිඞ් වසංගතය මුළු ලෝකයේම සිනමාවට බලපෑවත් ලෝකයේ බොහෝ රටවල් සිනමාව සහන සලසමින් සිනමා කර්මාන්තය බේරාගන්න උපරිම උත්සාහ දරයි.

සැබෑ උවමනාවක් තියෙන අවබෝධයක් තිබෙන නායකත්වයක් යටතේ ප‍්‍රතිපත්ති ගත වැඩ පිළිවෙළකට යන්න චිත‍්‍රපට සංස්ථාව සමත් ද කියලා ඔවුන්ම තම සිත් වලින් අසාගත යුතුයි. අද වනවිට සංස්ථාවේ කාර්යභාරයන් අතර ”ඩිජිටල් තරඟකාරී” වෙළඳපොළ තුළ ඉල්ලූම මත වීඩියෝ ප‍්‍රවාහයට මාරුවීමට වැඩ පිළිවෙළක් අවශ්‍යයි. ඩිජිටල් තාක්ෂණය සමග දිගු ගමනක් යන්න සිනමාව බල කරන අවදියක මාර්ගගත ඩිජිටල් වේදිකා භාවිත කර සිනමාවට නව ව්‍යාපෘතියක් කළ යුතුයි. සිනමාවට අදාළ නව තාක්‍ෂණික ව්‍යාපෘති ගැන බලධාරීන්ට වැටහෙන බවක් පෙනෙන්නට නැහැ.

සිනමා ක්‍ෂේත‍්‍රයේ තරඟකාරිත්වය, වර්ධනය සහ ආධාරක පියවර කාර්යක්ෂමව පරිපාලනය කිරීම ප‍්‍රවර්ධනයට අවශ්‍ය ප‍්‍රතිපත්ති හා උපාය මාර්ග සංවර්ධනය කිරීම, පුළුල් පේ‍්‍රක්‍ෂක සහභාගීත්වයක් උදෙසා සිනමා සවිබල ගැන්වීම චිත‍්‍රපට සංස්ථාව මෙතෙක් අසමත්ව ඇත.

සිනමා ශාලා වැසෙමින් යනවා. ඒ ගැන අපේ බලධාරීන් දැනෙන්නෙවත් නෑ. ගොළුවෝ බීරෝ වගේ ඉන්නෙ. මහා සිනමාවක් තිබුණ රටකට අත්වෙමින් යන ඉරණම ශෝචනීයයි.

* සිනමා නිර්මාණ බිහිකළාට තිරගත කිරීම අද වන විට අපේ රටේ දැවැන්ත ගැටලූවක් වෙලා තියෙනවා නේද?

ඔව්. චිත‍්‍රපට ප‍්‍රදර්ශනය සම්බන්ධව ප‍්‍රතිපත්ති ගත ස්ථිරසාර වැඩ පිළිවෙළකට යන්න චිත‍්‍රපට සංස්ථාව හා ප‍්‍රදර්ශන මණ්ඩල අසමත්ව සිටී. එමගින් චිත‍්‍රපට ප‍්‍රදර්ශනයේදී නිෂ්පාදකවරුන්ටත් අධ්‍යක්ෂවරුන්ටත් මහත් අසාධාරණයන් වෙයි. සිනමා පරිපාලනමය තීන්දු ගන්න ඒ පිළිබඳ දැනුවත් අය ආයතනිකව නොසිටීම මෙයට ප‍්‍රධාන ගැටලූවයි.

සිනමා ශාලා ආරක්ෂා කර ගැනීම සඳහා පරණ ආකාරයන්ගෙන්ම නොසිතා නව ක‍්‍රම ලෙස මිනි තියටර් භාවිත කරමින් නගරවල ඉදිවන ලොකුම වෙළ`ද සංකීර්ණවලට සිනමා ශාලා කොටසක් අනිවාර්ය කිරීම කළ හැක්කක්. ඊට අමතරව ඩිජිටල් වේදිකාව භාවිත කිරීමට සවිමත් ව්‍යාපෘතියක් කළ යුතුයි. මේවාට අප රටක් විදියට අසමත් වන්නේ නම් ඒ අපගේ අනාගත පරපුර ලැබන මහත් වූ අභාග්‍යයකි.

* දිනේෂ් විතාන

Leave a Reply

Your email address will not be published. Required fields are marked *