කතානායකවරුන්ට ශක්තියක් වූ, අසුන පිටුපස සිටි නිහඬ මිනිසා

80 දශකයේ පාර්ලිමේන්තු කාර්යය මණ්ඩලයට පිවිසි බොහෝ දෙනා අතරේ මාතර දිස්ත්‍රික්කයේ රඹුකන ගම් පියසෙන් පැමිණි සෝමවන්ත දහනායක ඉතා කුළුපඟ නිහඬ කාර්යයේ විශිෂ්ටයෙකු විය. තමන් කරන රැකියාව කිසිදු ලෙසක හිසට නොගත් ඔහුට පැවරුනු රාජකාරි අකුරට ඉටු කිරීමට වග බලාගත්තේය.

පාර්ලිමේන්තු කාර්යය මණ්ඩලයේ නිවුනු චරිත අතර බොහෝ දෙනාගේ දැඩි කැමැත්ත හා හිත හොදකම රැදුනු චරිතයක් වන්නේ .. වැඩි වැඩ නැති නමුත් තමන්ගේ කාර්යය අකුරට ඉටු කරන තැනැත්තෙක් නිසාවෙනි.

May be an image of 10 people and people standing
හතර වන පාර්ලිමේන්තුවේ කතානායක අනුර බණ්ඩාරනායකගේද , පස්වැනි පාර්ලි‌මේන්තුවේ කතානායක- ‌ජෝශප් මයිකල් ‌පෙ‌රේරා මහතාගේද , හයවැනි පාර්ලි‌මේන්තුව කතානායක වි. ජ. මු. ලොකුබණ්ඩාර මහතාගේද , හත්වැනි පාර්ලි‌මේන්තුවේ කතානායක චමල් රාජපක්ෂ මහතාගේද , අටවැනි පාර්ලි‌මේන්තුවේ කතානායක කරු ජයසූරිය මහතාගේද ආසන පැනවීමේ සිට අග්‍ර සහායක

කතානායකවරුන්ගේ අග්‍ර සහායකයෙකු ලෙස පත්වන ඔහු  හතර වන පාර්ලිමේන්තුවේ කතානායක අනුර බණ්ඩාරනායකගේද , පස්වැනි පාර්ලි‌මේන්තුවේ කතානායක- ‌ජෝශප් මයිකල් ‌පෙ‌රේරා මහතාගේද , හයවැනි පාර්ලි‌මේන්තුව කතානායක වි. ජ. මු. ලොකුබණ්ඩාර මහතාගේද , හත්වැනි පාර්ලි‌මේන්තුවේ කතානායක චමල් රාජපක්ෂ මහතාගේද , අටවැනි පාර්ලි‌මේන්තුවේ කතානායක කරු ජයසූරිය මහතාගේද ආසන පැනවීමේ සිට අග්‍ර සහායක කටයුතු නිසි ලෙස ඉටු කරනු ලැබීය.

පාර්ලිමේන්තු ඉතිහාසය හා ක්‍රියාවලිය සම්බන්ධයෙන් මනා පරිචයක් තිබූ ඔහු ඉතා කලබලකාරී අවස්ථාවන් හිදී පාර්ලිමේන්තුව තුළදී කතානායකවරයාගේ අසුන අභියස සිට එහි රැකවරණය හා නිසි අවධානය ඇතිව කාර්යයන් ඉටු කරනු ලැබීම නිසාම බොහෝ කතානායකවරුන්ගේ නොමද ප්‍රසංසාවට පාත්‍ර විය. මේ නිසාම ආණ්ඩු පක්ෂයේ මෙන්ම විපක්ෂයේ ඇමතිවරුන්ගේද මන්ත්‍රීවරුන්ගේද ඇගයීමට සෝමවන්ත දහනායක මහතා පත්විය.

මෙම ඉහත දැක්වූ වපසරිය තුළ ඇගයීමට ලක් වන කෙනෙකු සම්බන්ධයෙන් සමාජ චිත්‍රය කෙසේ වන්නේද ? සාමාන්‍යෙයන් කතානායකවරු පස් දෙනෙකු යටතේ සිටියේ නම් ගෙවල් පහක්වත් ඇති කියා සීතීමට හැකි සමාජයක අප ජීවත් වන නිසාම සෝමවන්ත දහනායක සම්බන්ධයෙන්ද එසේ සිතීම අනිවාර්යයකි. එහෙත් එය එසේ නොවේ .. තමාට යැයි ගෙයක් එක් කාමරයක් සහිතව වරිච්චි බිත්ති සහිතව තනා ගන්නා අතර එයද පිළියන්දල ප්‍ර දේශය වැනි ඈතට වන්නටය. එම නිවසේ කාලයක් ගත කිරීමෙන් පසුව තම වැටුප නිසි ලෙස කළමණාකරණය කොට ඉතිරි කිරීමෙන් පසුව එම නිවසේ සිට ඔහු නව නිවසක් ගොඩ නගන්නේ කාමර 3කින් යුතුව තමාට දරුවන් ලැබී කාලයක් ගතවීමෙනුත් පසුවය. ඉතාම සරල ගති ඇති ඔහු හිත මිතුරන්ට ඥාතීන්ටද කදිම ආදර්ශවත් චරිතයක් වන්නේ, තමාගේ රැකියාව නිසා කිසිවෙකු හිස උදුම්මාගත යුතු නැති බවත් රැකියාවෙන් ලැබෙන අයුතු ඉපයීම් කිසිදු ලෙසක නොගත යුතු බවත් තමන්ට හිත හොදින් මියැදෙන්නට පුලුවන් කම ලැබෙන්නේ හොද මිනිසෙකු ලෙස ජීවත්වීමෙන් පමණක් බවත් ආදර්ශයෙන් පෙන්වා දෙමිනි.

බොහෝ දෙනා ඔහුට බොහෝ විට පැවසුවේ බිරිදට රැකියාවේ උසස්වීම් ද දරුවන්ට කොළඹ ලොකු ඉස්කෝලවලට දමා ඉගැන්වීමටද , වාහනයක් දෙකක් ගැනීමටද , කොළඹින් ගෙයක් දොරක් ගැනීමටද ඔය තියෙන තනතුරුවලින් ප්‍ර යෝජනයක් ගන්නා ලෙසයි..
එහෙත් කතානායකවරයෙකුගේ විදෙස් සංචාරයකදී සාහායකයෙකු ගෙනයාමට අවසර ලැබී ඇති අතර එවැනි ආරාධනා බොහෝ විට ලැබුනත් ඒ එකදු සංචාරයකට සහභාගී වීමට හේ කැමැත්තක් නොදැක්වීය. එපමණක් නොව දරුවන් ජනප්‍රිය පාසලකට දැමීමට කතානාකයවරයාගේ ලිපියක් මගින් හෝ මෙතෙක් කාලයක් පාර්ලිමේන්තුවේ දැන අදුනගත් අගමැතිවරයෙකුගේ හෝ ඇමතිවරයෙකුගේ ලිපියක් ලබා ගැනිම මහා ලොකු දෙයක් නොවුන මුත් කිසිදු විටෙක එවැනි ලාබදායි කටයුත්තක නිතර වීමට සෝමවන්ත දහනායක නැමැති මේ ලස්සන මිනිසා කටයුතු නොකළේ එය තම ප්‍රතිපත්තියට ගෝචර නොවන දෙයක් බැවිනි. දරුවන් ගියේ මිලාගිරියටය. ඔවුන්ට අධ්‍යාපනයෙන් පසු ද පෙර කී සම්බන්ධතා භාවිතා කොට රැකියාවන් ලබාදීමට හැකිව තිබුනත් ඔහු තම දරුවන්ට ලැබූ අධ්‍යාපනයෙන් රැකියාවක් කිරීමේ සාමාන්‍ය විදිය භාවිතා කළ අතර තම රැකියාවේ සම්බන්ධයක් පවුල් ජීවිතයට සම්බන්ධ කොට නොගත්තේය..
මෙවැනි කදිම මා හැගි ගුණ ඇති මෙම සොදුරු මිනිසා … පවුල තුළ හා ඥාතීන් අතර මෙන්ම සමාජ ජීවිතයේ හිත මිතුරන් අතරට ගරු චරිතයක් බවට පත්විය..May be an image of 16 people, including Upeka Dahanayaka, people standing and indoor

උස් තැන්වල උස් හඩින් අමතන ලංකාවේ ප්‍රධානතම පුටුවක් පිටු පස සිටි මෙම නිහඬ මිනිසා අප අතරින් ඊයේ දින නික්ම ගියේය..
මා හැගි ආදර්ශයන් මනුස්සකම් තුළ හෝ රැකියාවන් තුළ රැකි ඉතිහාසයේ මිනිසුන් අතරට සෝමවන්ත දහනායක නම් මිනිසා පත්වීම අනිවාර්යයකි.. සේවය සේවයක් ලෙසත් පුද්ගලික ජීවිතය තමන්ට සතුටුදායී වන සරල ලෙසත් ජීවත්වීම මිනිසා කොතරම් නිදහස් තැනක තබන්නේද යන්න මේ චරිතය අධ්‍යනය කිරීමෙන් වටහා ගත හැකි වේ…

ආදරණිය සොයුරාණෙනි, ආදරණීය ආදර්ශමත් මිනිසාණෙනි .. ඔබට සුබ ගමන් …..!!

– තුසිත පතිරණ –

May be an image of 1 person and eyeglasses

 

 

One thought on “කතානායකවරුන්ට ශක්තියක් වූ, අසුන පිටුපස සිටි නිහඬ මිනිසා

  • June 24, 2021 at 4:13 am
    Permalink

    පාර්ලිමේන්තුව දී පමණක් නොව නිවුන්ගම, හල්පිට පදිංචි අප ප්‍රදේශයේ කා අතරත් ඉතාමත් චරිතවත් ජීවිතයක් ගත කළේය. අප දහනායක සොයුරා සමාජයේ නරක යැයි සම්මත කිසිදු දෙයක් සිදු කළේ නැත. කිසිවිටත් මත්පැන් දුම්වැටි භාවිත නොකළේය. සිනාවෙන් පිරි මුහුනෙන් හැකි සැමටම උදව් කරන ‘අහිංසක’ චරිතයක් විය. ඔහු අපේ අතරින් වෙන් වී ගියද අපගේ මතකයේ සදානොමැකෙනු ඇත.

    සොයුරානෙනි ඔබට නිවන් සුව….!!!!🙏🙏

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *