තලෙයිබාන්ලාට උදව් කළේ චිනයද ? – ( තරණය )- හසිනි දෙනිපිටිය

1970 පමණ වනතෙක් ඇෆ්ගනිස්තානය නිදහස් නිවහල් රටක් ලෙස පැවතුණා. ඉන් අනතුරුව සිදු වු බල පෙරලියත් සමඟ සෝවියට් දේශය ඇෆ්ගනිස්තානය බලපෑම පුළුල් කරනු ලැබුවා. මෙයට ඇෆ්ගනිස්තානයේ අසල්වැසි රාජ්‍ය වන පකිස්තානය මෙන්ම ලෝක බලවතෙකු වන අමෙරිකාව ද විරුද්ධ වූවා.

මේ අතරතුර ඉඩම් ප්‍රතිසංස්කරණය හරහා බිහි වු ඉඩම් හිමි පිරිස් හා ආගමික නායකයන්ගේ බලය සීමා වීම නිසා ආගමික නායක පිරිස් රජයට විරුද්ධව ක්‍රියා කිරීමට පෙළඹුණා. අවසානයේ එක් එක් ප්‍රදේශවල රාජ්‍ය විරෝධී කණ්ඩායම් ඉස්මතු වීම ආරම්භ වුණා. “දෙවියන් වහන්සේගේ සෙබලුන්” ලෙස තමන්ව හදුන්වා දෙමින් මොවුන් රටපුරා ව්‍යාප්ත විය. සෝවියට් දේශයේ බලපෑම අවම කර ගැනීමේ අභිප්‍රාය මත අමෙරිකාව ද මෙම කණ්ඩායම්වලට සහය දැක්වූවා. ලෝක බලවතකුගේ උපකාර මැද මොවුන් ශක්තිමත් සංවිධානයක් ලෙසින් ගොඩනැගෙනවා. මෙලෙස ගොඩනැගුණු මෙම කණ්ඩායම් අවසානයේ තලෙයිබාන් සංවිධානය ලෙසින් නම් දරමින් අද වනවිට මුළු ලෝකයට ම තර්ජනයක් වන වී හමාරයි.

මුල්ලා ඕමාන්ගේ නායකත්වයෙන් 1994 වර්ෂයේ ප්‍රචලිත වන තලෙයිබාන් සංවිධානය 1996 වර්ෂයේ දී ඇෆ්ගනිස්තානය සිය යටතට පත් කර ගැනුණා. අනතුරුව දැඩි අන්තවාදී නිතී පද්ධතියක් යටතේ එරට පාලනය ගෙන ගියේය. මෙම අන්තවාදී නිතී පද්ධතිය තුළ එරට සිටි කාන්තාවන්ට අධ්‍යාපනය, රැකියා කිරීම, මාර්ගයන්වල තනිව ඇවිදයාම, සංගීතය හා නර්තනය කිරීම තහනම් කෙරුණි. මෙම අන්තවාදී නිතී ඇෆ්ගනිස්තාන වැසියන්ගේ නිදහස සීමා කෙරුණි. විශේෂයෙන් ම කාන්තාවන්ගේ මූලික අයිතිවාසිකම් පවා ඔවුනට මේ නිසා අහිමි විය.

1997 වර්ෂයේ දී අනෙක් සියලු රටවල් තලෙයිබාන් රජය පිළිනොගන්නා විට සවුදි අරාබිය හා පකිස්තානය පමණක් එම රජය පිළිගැනුණි. කෙසේනමුත් තලෙයිබාන් සංවිධානය සිය පාලනය පකිස්තානය තුළ පවත්වාගෙන ගියේය. එම පාලනය දිනෙන් දින දරුණු විය.
මේ නිසා ම 1999 දී අමෙරිකාව ඇෆ්ගනිස්තානයේ තලෙයිබාන් රජයට එරෙහිව ආර්ථික සම්බාධක පැනවිය. අඩි 180 පමණ උස වූ ලොව විශාල ම බුද්ධ ප්‍රතිමාව වූ බාමියන් බුද්ධ ප්‍රතිමාව තලෙයිබානුවන් විසින් පුපුරුවා හැරීමත් සමඟ ලොව නන් දෙසින් ම අප්‍රසාදය තලෙයිබානුවන්ට හිමිවිය. මුල්ලා මොහොමඩ් ඕමාන්ගේ නියෝගයකට අනුව 2001 වර්ෂයේ මාර්තු මාසයේ දී මෙම පිපිරීම සිදු කෙරිණි. මෙම පුපුරුවා හැරීමත් සමඟ මුළු ලෝකයේ ම අවධානය තලෙයිබාන් සංවිධානය වෙත යොමු වූ අතර ම දැඩි විරෝධයක් ද නැගිණි.

මෙම පිපිරීමෙන් පසුව 2001 වර්ෂයේ ඔක්තෝබර් මාසයේ දී අමෙරිකානු හමුදාව ඇෆ්ගනිස්තානයට ඇතුල් වුයේ අල්කයිඩා නායක ඔසාමා බිල්ලාඩන් ඇෆ්ගනිස්තානයේ සැගවී සිටින බව පවසමිණි. කෙසේනමුත් අවසානයේ දී ඔසාමා බිල්ලාඩන් මෙම මෙහෙයුමේ දී හමු නොවූවත් ඇෆ්ගනිස්තානය යළි නිදහස් රටක් ලෙස ගොඩනැගුණි. පසු කලෙක තලෙයිබාන් සංවිධානයේ හිටපු නායකයා වූ මුල්ලා මොහොමඩ් ඕමාන් රෝගාතුරව මිය ගියේය.

අමෙරිකානු ජනපති ජෝ බයිඩ්න්ගේ නියෝගයක් මත නැවත අමෙරිකානු හමුදාව ඇෆ්ගනිස්තානයෙන් ඉවත් වූවා. ඒ විශාල මුදල් ප්‍රමාණයක් යුධමය කටයුතු සඳහා වැය වන බව පවසමිනි. ඉන් සුළු කාලයකට පසු නැවතත් තලෙයිබාන් සංවිධානය ඇෆ්ගනිස්තානය සිය අණසකට පත් කර ගත්තා. ඉතාම කෙටි කාලයකින් මෙලෙස ඇෆ්ගනිස්තානය තලෙයිබාන් සංවිධානය යටතට පත් වීම පුදුමයක් මෙන්ම සැකයන් පවතින බව විදෙස් මාධ්‍ය පවසයි. ඔවුන් පවසන්නේ ඇෆ්ගන් වැසියන්ගේ බහුතරයක් හෝ තලෙයිබාන් සංවිධානයට සහය ලබා දුන් බවයි. එසේම ඇෆ්ගන් හමුදාව යටතේ පැවතුනු යුධ යානා, යුධ ටැංකි ද සිය භාරයට ගැනීමට මෙම සංවිධානය සමත් වුණා. ඇෆ්ගන් හමුදාවට පහර දී ඔවුන්ගේ ආම්පන්න ද රැගෙන නගර යටත් කර ගනිමින් පැමිණ අවසානයේ කාබූල් අගනුවර ද යටත් කර ගනු ලැබුණා. මෙලෙස තලෙයිබාන් සංවිධානය නගර යටත් කර ගනිමින් සිටින විට ඇෆ්ගනිස්තාන ජනපති සිය රටින් පලා යනු ලැබුවා.

කෙසේනමුත් මේ වනවිට කාබූල් අගනුවර ඇතුළු නගර තලෙයිබාන් සංවිධානය යටතේ පවති. තත්ත්වය මෙලෙස පැවතෙත් දී ඇෆ්ගන් වැසියෝ බොහෝ දෙනෙක් කාබූල් නුවර ගුවන්තොටුපලට පැමිණ ඇෆ්ගනිස්තානයෙන් පලා යාමට උත්සහ දැරුවා. මේ නිසා ඇෆ්ගන් වැසියන් පාලනය කිරීමට අමෙරිකන් ගුවන් හමුදාවට වෙඩි තැබීමට ද සිදු වුණා. ගුවන් ගත වූ ගුවන්යානා මතින් මිනිසුන් වැටෙන දර්ශන ද සමාජ මාධ්‍ය තුළ දැක ගන්නට ලැබුණි. අමෙරිකානු හමුදාවට අයත් භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයකට ඇෆ්ගනිස්තාන වැසියන් විශාල ප්‍රමාණයක් නැගී එරටින් පිටවන අයුරු විදෙස් මාධ්‍ය ආවරණය කර තිබිණි. එසේම බ්‍රිතාන්‍ය මෙලෙස පැමිණෙ ඇෆ්කන් වැසියන්ව පිළිබඳ සලකා බැලීමක් ද කර තිබෙන බව විදෙස් මාධ්‍ය පවසයි.

තලෙයිබාන් සංවිධානයේ හමුදා නායකයකු CNA පුවත් සේවයට පවසා තිබුණේ මීළඟට තම අරමුණ මුළු ලෝකය ම යටත් කර ගැනීම බවයි. එසේම මේ වනවිට තලෙයිබාන් සංවිධානය ජාත්‍යන්තර ජහාඩ් සංවිධානය සමඟ එක් වී තිබීම නිසා ඉදිරියේ දී මෙය දැඩි ලෙස මුළු ලෝකයට ම බලපෑම් කරනු ලබන බව විදෙස් මාධ්‍ය පවසයි. මේ වනවිටත් ලෝකයේ බොහෝ රටවල ජහාඩ් අන්තවාදී සංවිධාන තිබීම නිසා මෙය දැඩි තර්ජනයක් එල්ල කිරීමට සමත්වනු ඇත. කෙසේවෙතත් අමෙරිකාව මේ පිළිබඳව අදහස් දක්වනුයේ මෙය තමන්ගේ රටට අයිති හෝ තමන්ගේ ප්‍රශ්නයක් නොවන නමුත් තම පුරවැසියකුට හානියක් සිදු වුවහොත් ඊට තලෙයිබාන් සංවිධානයට විරුද්ධව උපරිම බලය පවා යොදා කටයුතු කරන බවයි.

පසුගියදා ඇෆ්ගනිස්තානයේ ජනාධිපතිවරයා ලෙස තලෙයිබාන් සංවිධානයේ නායකයා නම් කර තිබූ අතර ම “ඇෆ්ගනිස්තාන් ඉස්ලාමීය එමීරේට්” ලෙස ඇෆ්ගනිස්තානය නම් කරනු ලැබුවා. එසේම තලෙයිබාන් සංවිධානය පවසනුයේ තම රජය සාමකාමී රජයක් බවත් විදේශීය අතකොලුවක් නොවන බවත් තමන්ට හානි නොකරනන්ට තමන්ගෙන් හානි නොවන බවත් ඔවුන් පවසයි. එසේම තලෙයිබාන් සංවිධානය පැවැත් වූ ප්‍රථම මාධ්‍ය සාකච්ඡාවේ දී ඔවුන් පැවසුවේ පෙර සේ කාන්තාවන්ට එරෙහි නිතී නොපවත්වන බවත් සාමකාමී රජයක් පවත්වන් යන බවයි. අල්ජසිරා පුවත් සේවය වාර්තා කර තිබුණේ අමෙරිකාවට සහය දුන් ඇෆ්කන් වැසියන් සොයා මරා දැමීමට තලෙයිබාන් සංවිධානය සූදානම් වන බවයි.

තත්ත්වය මෙලෙස පැවතෙන විට මුළු ලෝකයට ම ගැටලුවක් වී ඇත්තේ තලෙයිබාන් සංවිධානයේ ඉක්මන් ආගමන පිළිබඳව යි. ලක්ෂ තුනක් පමණ වන ඇෆ්කන් හමුදාවට ලක්ෂයක් පමණ වන තලෙයිබාන් සටන්කරුවන් මර්ධනය කිරීමට අපහසුවීම වුයේ ඇයි? එසේම දින ගණනක් වැනි ඉතාම කෙටි කාලයකින් මෙලෙස ඇෆ්ගනිස්තානය අත්පත් කර ගැනීම ද විශාල ගැටුලුවකි. කෙසේනමුත් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණේ චීනය ඇෆ්ගනිස්තාන නව රජය පිළිගැනීමට සැරසෙන බවයි. මේ බව සනාථ වන ප්‍රකාශයක් මේ වනවිට චීන රජය නිකුත් කර තිබෙනවා. ඔවුන් පවසන්නෙ ඇෆ්ගනිස්තානයට අවශ්‍ය ආර්ථික උපකාර දැක්වීමට තමන් සූදානම් බවයි. චීනය මෙලෙස ඇෆ්ගනිස්තානයට උපකාර කරනුයේ තම රටට විරුද්ධව ක්‍රියා කරන ඌයිගර් සංවිධානයට ද තලෙයිබාන් සංවිධානය සහය පල් කිරීම අඩාල කිරීමට බව චීනය පවසයි. කෙසේනමුත් තලෙයිබාන් සංවිධානය පවසන්නේ තම සංවිධානය ඌයිගර් සංවිධානයට හා එල්ටිටී සංවිධානයට සහය පල නොකරන බව පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *