නීති කැඩූ ධීවරයෝ.

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව මුහුදුබත් වූ කලාපෙය් ධීවර කටයුතු තහනම් කෙරුණද ඇතැම් ධීවරයන් එහි මාළු ඇල්ලීමේ නිරත වන බවට වාර්තා වේ.

සමුද්‍රීය පරිසර අධිකාරිය පවසන්නේ එම කලාපයේ මසුන් ඇල්ලීමේ නිරතවීම ඉතා අනතුරුදායක වන බවය.

රසායනික ද්‍රව්‍ය ඇතුළු භාණ්ඩ තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාව කොළඹ වරායට නුදුරු මුහුදේදී ගිනිගැනීමට ලක් වූයේ පසුගිය මැයි 20 වැනිදාය.

පසුව නෞකාව ගැඹුරු මුහුද දෙසට ඇදගෙන යාමට කටයුතු කිරීමේදී නැව තුළට ජලය කාන්දුවීමෙන් නෞකාව මුහුදුබත් විය.

අනතුරුව ධීවර අමාත්‍යංශය, ඒ අවට මුහුදු තීරය ධීවර කටයුතු සඳහා තහනම් කලාපයක් බවට පත් කළේය.

එවැනි පසුබිමක තහනම් කලාපයක් බවට පත් කර ඇති කැපුන්ගොඩ – මීගමුව මුහුදු තීරයේ ධීවරයින් පිරිසක් ට්‍රෝලින් ක්‍රමය යටතේ ධීවර කටයුතුවල නිරත වන ආකාරය පසුගිය දින කිහිපය පුරාම දක්නට ලැබුණි.

හැඳල, වත්ත්ල, දිග්ඕවිට, පල්ලියවත්ත ආදී ප්‍රදේශවල ධීවරයින් මෙලෙස ධීවර කටුයුතුවල නිතර වන අතර අනෙකුත් ධීවරයින් ඊට සිය විරෝධය පළ කරයි.

මේ අතර ධීවර රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර මහතා සඳහන් කළේ, අදාළ ධීවර කලාපය තුළ ධීවර කටයුතු සිදුකිරීමට තවදුරටත් කිසිසේත්ම අවසර ලබා දී නොමැති බවය.

සමුද්‍රීය පරිසර අධිකාරියේ අධ්‍යක්ෂිකා දර්ශනී ලහදපුර මහත්මිය ප්‍රකාශ කළේ, නෞකාව මුහුදුබත් වීමෙන් තහනම් කරන ලද කලාපය තුළ ධීවර කටයුතු සිදුකිරීම අනතුරු දායක බවය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *