නීතිවිරෝධී ලෙස වෙනිවැල්ගැට අලෙවි කිරීමට තැත්කළ දෙදෙනෙක් අත්අඩංගුවට.

පිටිගල ප්‍රදේශයේ බඹර⁣වාන රක්ෂිතයෙන් නිතිවිරෝධි ලෙස කපන ලද වෙනිවැල්ගැට කිලෝ 800 ක්  අලෙවි කිරීමට සුදානම්කර තිබූ අවස්ථාවේදී සැකකරුවන් දෙදෙනෙක්ව අත්අඩංගුවට ගෙන තිබේ.

රත්ගම පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් එම පුද්ගලයන්ව පිටිගල පොලීසියට භාරදී තිබුණි.

අත්අඩංගුවට ගෙන ඇත්තේ මත්තක, මාරක්ගොඩ, රබුක්කාවිට පදිංචිකරුවෙකු හා මනම්පිට, තල්ගස්වල පදිංචි පුද්ගලයෙකි.

එම සැකකරුවන් බඹරවාන රක්ෂිතයෙන් කපනලද වෙනිවැල්ගැට නිවෙස්වල සඟවා තිබිය දී උපායදුතයකු යොදවා අත්අඩංගුවට ගෙන තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *