සෝමාවතියේ කඳවුරු බැඳ රාත්‍රීය ගත කළ හිටපු මන්ත්‍රි මුදා හැරේ.

පොළොන්නරුව සෝමාවතිය ජාතික වනෝද්‍යානයේ කඳවුරු බැඳීමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් පොළොන්නරුව දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සිඩ්නි ජයරත්න මහතා ඇතුළු 15 දෙනෙක් ඇප මත මුදා හැර තිබේ.

නිරෝධායන නීති නොතකමින් එම පිිරිස වනෝද්‍යානයේ සිට ඇතැයි වාර්තා වේ.

ඒ අනුව පොළොන්නරුව වනජීවී වැටලීම් ඒකකය මඟින් ඊයේ (18) අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එලෙස ඇප මත මුදා හැර තිබේ.

වනෝද්‍යානයේ ගල්රැන්ද ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගැනුණු පිරිස පෙරේදා රාත්‍රියේ වනෝද්‍යානයට ඇතුළු වී කුඩාරම් ගසා එහි රාත්‍රිය ගතකර ඇති බව වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *