අම්මා යල්පැන නොයනවා සේම කවියත් යල් පැන නොයන සාහිත්‍යංගයක් – වින්යා ජයසේකර

කවිය කල් පැන ගිය සාහිත්‍යාංගයක් ලෙස හැදින්වුවහොත් ඒ සම්බන්ධයෙන් ඔබගේ අදහස කුමක්ද ?

සාහිත්‍ය එක පවුලකට උපමා කළොත් මට දැනෙන්නෙ “කවිය” කියන්නෙ ඒ පවුල ඇතුළෙ “අම්මා”.ඇය අනෙක් හැම සාමාජිකයෙකුටම වැඩිය ලාලිත්‍යයි,කෝමලයි,පරිපූර්ණයි.පවුලට කොයි තරාතිරමේ සාමාජිකයන් ඇතුල් වුනත් ඇය කොයි තරම් වියපත් වුනත් අම්මගෙ තැනට කිසි කෙනෙක් ආදේශ කරන්න බැහැ.අන්න ඒ වගේ තමයි පිටු දහසකින් පුරවන සාහිත්‍යාංග අතර අකුරු කීපයක් එකතු කරලා ගොඩ නැගෙන ” කවිය ” යල් පැන ගියත් හරියටම අම්මා කියන අකුරු තුන වගේම ප්‍රභලව හැඟවෙන්නෙ.ඒ නිසාම අම්මා යල්පැන නොයනවා සේම කවියත් යල් පැන නොයන සාහිත්‍යංගයක්  

සාම්ප්‍රදායික කාව්‍ය උපක්‍රමයන් මත පරිසරය සහ සංකල්පීය දාරාවන්ට විපක්ෂව ගොඩ නැගෙන කවි සම්බන්ධනේ වර්තමානයේ වඩා වැඩි නැඹුුරවක් තියෙනවා

කොළඹ යුගයේ කවි වලින් හෙම්බත් වෙච්චි කාව්‍ය රසිකයින්ට 70 දශකයෙන් පසු සිංහල කවියේ පුනරුදයක් අත් විඳින්නට ලැබෙනවා . එහි පුරෝගාමියකු වන පරාක්‍රම කොඩිතුවක්කු වැනි කවියන් සම්ප්‍රදායන්ගෙන් මිදුණු කවි මං ඔස්සේ නවක නිර්මාණ කරුවන් ගමන් කරවීමට පොළඹවනවා.මේ දක්වා කවියේ ඒ නිදහස් ගමන් මග ඉතා විශිෂ්ඨ ගණයේ කවිතාවයන් සිය අනන්‍යතා මත ගොඩ නගා ගත් කවියන් මෙන්ම “මේවත් කවිද?” කියලා විචාරකයින්ගෙන් හෑල්ලුවට ලක් වෙමින් පවා නොකඩවා නිර්මාණකරනයේ යෙදෙන කවියන් පිරිසක් ලිවීමෙහි නිරත වෙනවා .බොහෝ විට ඉදිරි පරම්පරාවෙහි රසවින්දනය රඳා පවතින්න ප්‍රබලවම බලපාන සාධකය වෙන්නෙ “කවි” කියන්නෙ මෙන්න මේවට කියලා පාඨක ප්‍රජාවගේ හිත් වලට කාවද්දන විචාරකයන් හා සාහිත්‍යවේදීන් ඔසවා තබන කවිය මත.තෝරා බේරාගෙන කාව්‍ය රසවින්දනයේ යෙදීම බුද්ධිමත් පාඨකයාගේ වැඩක්.

 ඔබ සම්මානයන්ට පාත්‍රවන තරගයන් උදෙසා නිර්මාණ බිහි කරනවාද නැත්නම් සමාජීය ඇගයීමක් නොමැති කමින් ඇගයීම් සහිත තැනක කවිය තබනවාද

ලාංකීය සමාජය ගත්තොත් ඒ අතරින් සාහිත්‍ය ඇසුරේ යෙදෙන්නෙ ඉතා සීමිත ප්‍රතිශතයක් වීම කණගාටුදායක තත්වයක්. ඒ අතරිනුත් සම්මානිත කෘති සහ සම්මාන සඳහා නිර්දේශිත කෘති තෝර තෝරා කියවීමේ ප්‍රවණතාවයක් පාඨකයා අතර බහුලව දක්නට ලැබෙනවා. මෙවැනි වාතාවරණයක නිර්මාණ කරුවා සම්මාන අරමුණු කරගෙන ම ලිවීමෙහි නිරත වෙනවාද යන චෝදනාත්මක ප්‍රකාශය අසාධාරණම නැහැ.නමුත් හැම නිර්මාණකරුවෙක්ම ඔය කුලකයට අයත් නැහැ. ඇත්තටම මේ සම්බන්වධ විවේචනය කිරීමට හෝ ප්‍රශස්ති ගැයීමට තරම් මම මේ ක්ෂේත්‍රෙය් පරිනත නැහැ.
පෞද්ගලිකව මම ගැන ගත්තොත් මගේ කවියට දීර්ඝ ඉතිහාසයක් නෑ. මම කවි කුරුටු ගාන්න පටන් ගන්නෙ 2017 අවුරුද්දෙ ඉඳලා. එතෙක් මම පාඨකයෙක් විතරයි. මේ කවි ලියවෙන්නෙ හුදෙක් මානසික නිදහස උදෙසා. ඒ ලියවෙච්ච කවි කියෙව්වෙ මගේ පවුලෙ අය විතරයි .ක්‍ රමයෙන් මුහුණු පොත හරහා සහ පුවත්පත් හරහා ඒවා සමාජගත වුනත් මා වටා ලොකු පාඨක පිරිසක් හිටියෙ නැහැ. ඔබ ඔය කියන විදියට මගෙ අතින් ලියවුණු කවිය ගැන තක්සේරුවක් මට ඕන වුණා. නමුත් ඒ සඳහා සාහිත්‍යවේදීන්ගේ ප්‍රවීණ ඇසුරක් හෝ සමීප සම්බන්තාධ මට තිබුණේ නෑ. නවකයෙක් හැටියට පහසුවෙන්ම ඉදිරිපත් වෙන්න පුළුවන් කම තිබුණු ගොඩගේ අත්පිටපත් තරඟයට මට ලියවිච්ච නිර්මාණ යොමු කරන්නෙ ඒ නිසයි.පිට පිට දෙවසරකම ඒ අත්පිටපත් දෙකම අවසන් වටයට නිර්දේශ වීම ඇතැම් විට මගේ භාග්‍යයක් කියලා මම අදටත් සලකනවා. මොකද ඒ ජයග්‍රහණයත් සමඟ අවදානයට ලක් වෙච්චි ක්ෂේත්‍රෙය් ප්‍රවීනයන් ගෙන් ලැබුණු ගුරු හරුකම් වචනයේ පරිසමාප්ත අර්තයෙන්ම මට සම්පතක් මගේ කවි මගට ආලෝකයක් .ඒ නිසා ඇගයීමක් ලැබිය හැකි තැනක මම මගේ කවිය තබලා තියෙනවා.ඇගයීමට ලක්වීමට සුදුසු මට්ටමක මගේ කවිය තියෙන බවට පිට පිට දෙවසරෙහිම සුදුසුකම් ලත් මට මගේ තක්සේරුව ලැබිලා තියෙනවා.

ජීවිතය කියන්නෙ යල් පැන නොයන විෂය නිර්දේශයක් අධ්‍යාපනයකට අපිව තෝරා ගත්තු හොඳම ශාස්ත්‍රාලය. උදේ හවා ලබන අත්දැකීම්, හමු වෙන ගැටෙන ජීවිත එක්ක හඟවන්න හදන සන්තෘශ්ඨි, හංගන්න දඟලන සංවේදනා සියල්ල තැන්පත් වෙන මේ මනසේ නිදහස වෙනුවෙන් තමයි මගේ කවිය ඉපැද්දෙන්නේ.ඒ හැඟීම් වලට සාදාරණයක් ඉටු කරන භාෂාව ලැබෙනවා ඇත්තෙ මෙතෙක් කියවන්න ලැබුණු පොත පතින්. කුඩා කල පටන් කියවීමේ රුචිය ඇති කළ සාහිත්‍ය රසය හරි හැටි තෝරා දුන්නු මගේ අම්ම තාත්තාට තමා ඒ ගෞරවය

ලිවිමේ කාර්යාවලියේදී දැන් දැන් හුදු සංකල්පීය ප්රශ්තුතයන් මිස කවියේ මානවවාදී ගුණය ගිලිහී ඇතැයි කිව්වොත් ඔබ එකග වෙනවාද

මිනිසාගේ භෞතිකමය පෝශණය තරමට ම මානසික පෝශණයත් ඉතා වැදගත් .මේ දෙඅංශයෙන්ම පෝශණය වූ තැනැත්තා සෞන්දර්යවාදී මානව හිතවාදී හැඟීම් දරන්නෙක් වෙනවා. කවිය කියන්නෙ හද බසින් ලියවෙන්නක්. කවියා කුමන මාදිලියේ ප්‍රස්තුතයන් මත හිඳ ලියූවත් ඉහත කී දෙඅංශයෙන්ම පෝශණය ලැබ කවිය වැළඳ ගන්නා පාථකයා අතර මානව හිතවාදී කවිය ජනප්‍රිය බව මගේ මතය.ඒ නිසා වර්තමාන කවියේ මානව හිතවාදී ගුණය ගිලිහිලා කියන තැන මම නැහැ.

අපි එක් එක් කාලවලදි කාලයට අනුගත කවි දැක්කා ඒත් දැන් දැන් දේශපිලනික සංදර්භයන් අලලා කවි නෑ ාමයට හේතුව කවියන් සමාජය නොකියවනන් කියන එකද

මට දැනෙන විදියට වර්තමාන කවියා හොඳින්ම සමාජ දේශපානලන අර්බුදය මත හිඳ කවි ලියන්නන්.අමු අමුවේ දේශපාලනය ගැන කවි නොලියවුනත් නූතන කවි කිවිඳියන්ගේ අතින් ලියවෙන හැම කවියක්ම සියුම්ව කියවා ගත්තොත් ඒ හැම කවියකම තියෙන්නෙ දේශපාලනය.

කවිම විතරද ඉස්සරහටත් කෘති ගත වෙන්නේ වෙන සාහිත්‍ය මාධ්‍යයකට අත පොවන්න හිතක් නැද්ද

“කවිය” කියන්නෙ මගේ විවේකය, මානසික නිදහස. ඒක බලාපොරොත්තු නොවූ උපතක්. මේ ගෙවෙන කාර්‍යබහුල ජීවිතය ඇතුළෙ මම ලබන විවේකය සහ නිදහස ඒක තීරණය කරයි. ඒ ගැන කිසිදු සැලසුමක් නෑ.

 ඔබ ගීත ගායනයේ හසල තැනැත්තියක් .. මේ ගැනත් කියන්න

ගායනය මගේ උපන් හැකියාවක්.ඒක මගේ අම්මගෙ ජාන වලින් මට ලැබුණු ලොකුම දායාදයක්. ඇත්තටම පාසල් කාලයේ පටන් ලිවීමට මට කාලයක් ඉතුරු නොකළේ මේ ගායන හැකියාව.මම පාසල් කාලයේ සංගීත අංශයෙන් සහ පද්‍යගායනා යන අංශ වලින් සමස්තලංකා ජයග්‍රහන රැසක හිමි කාරියක්.ඒත් උසස්පෙළට තෝර ගත් විද්‍යා විශයන් සහ ඊට පසු තෝරාගත් වුර්තීය අංශයන් එක්ක සංගීතය මට මග හැරුණා.

අපිට ඔබගේ අලුත් කෘතිය ගැන කියන්න

“සරුංගල් ප්‍රේමිය” මගේ දෙවන කාව්‍ය සංග්‍රහය.2020 වර්ශයේ ගොඩගේ අත්පිටපත් තරඟයේ අවසන් වටයට නිර්දේශ වුණා.මීට පෙර 2019 වසරේත් රෝස නිල් පාට හීන මගේ කුළුඳුල් කාව්‍ය සංග්‍රහය එම තරඟයේම අවසන් වටය නියෝජනය කළා.

හරි ඔන්න දැන් වින්යා කියන කිවිදිවට අවස්ථාව සමාජයට ඕනෑම දෙයක් කියන්න

මම මේ ජීවිතය දකින්නෙ එක් වතාවක් විතරක් විඳින්න ලැබිච්ච අවස්තාවක් විදියට.අපිට ලැබිච්ච කාලය කොච්චරද කියල කියන්න කවුරුවත් දන්නෙ නෑ.ඉතින් ඒ ලැබුණු වරප්‍රසාදය සුබවාදීව දකින්න. ඒ පුන්චි කාලය කාටවත් කරදරයක් නැතුව විඳින්න, අගයන්න, ආදරය කරන්න. සැහැල්ලුවෙන් ජීවත් වෙන්න.මැරෙන්න කලින් හැබෑවටම ජීවත් වෙන්න.

පොත ගන්නේ කොහොමද .

පොත දැනට මරදාන ගොඩගේ පොත් හලේ සහ kbooks වෙතින් ලබා ගන්න පුලුවන් .

 

සංවාද සටහන – තුසිත පතිරණ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *