ලියෝ කෙයිලාඩ්ගේ සදාතනික සම්භාව්‍ය ප්‍රතිමාවන්

ද්‍රව්‍යය: සුදු පැහැති කර්රාරා (Carrara) කිරිගරුඬ, පෙනුම:ග්‍රීක සහ රෝම පූජ්‍යස්ථානවල අලංකාර කළ ප්‍රතිමා ය, නමුත් මේ සුවිශේෂී ප්‍රතිමාකරණයෙන් ව්‍යංගව කෙරෙන යෝජනාව වන්නේ ඒවා පැරණි යුගයකට අයත් නොවන නමුත් ලියෝ කෙයිලාඩ් කලාකරුවා විසින් පරිකල්පනය කරන ලද මතුයම් මගක් සඳහා වන නිර්මිත අධිසාමාන්‍ය කෘතින් ලෙසයි.ලියෝ කෙයිලාඩ් යනු පැරිසියේ ජීවිතය ගෙනයමින් වෘත්තියෙහි යෙදෙන ප්‍රංශ ජාතික මිශ්‍ර මාධ්‍ය කලාකරුවෙකි(mixed media artist). ඔහු මුලින්ම විද්‍යාව හා නිරීක්ෂණ කටයුතු සඳහා දැඩි ආශාවක් ඇති කර ගත් නමුත් කාලය පිළිබඳ සංකල්පයෙන් ඔහු වශී වූ විට, ඔහු සංකල්පීය සහ කලාත්මක ප්‍රතිචාරයක අවශ්‍යතාවය සොයා ගෙන තිබේ.ඔහු ගණිතඥයෙකු සමීකරණයක් විසඳනවාක් මෙන් ඉතා සූක්ෂම ලෙස රූප මත ක්‍රියා කරයි.

ඔහුගේ කලාකෘතිය අධි-සංතෘප්ත මාධ්‍ය පරිසරයක් තුළ රූප බැලීමේ අත්දැකීම නැවත සලකා බැලීමට උත්සාහ කරයි. “අපි සෑම දිනකම විවිධ පින්තූර දහස් ගණනක් දකිනවා… මිනිසුන්ට ඔවුන් බලන දේ පිළිබිඹු කිරීමේ හැකියාව අහිමි වීමට පටන් ගෙන තියෙනවා!! “ඔහු වරක් පැවසීය. නරඹන්නන්ගේ සංජානන වෙනස් කිරීමට සහ නව පෙනුමේ ක්‍රම සක්‍රීය කිරීමට කලාකරුවා ඡායාරූප හසුරුවන ආකාරය කෙයිලාඩ් ඔහුගේ ම ආවේණික ක්‍රමවේදයකින් ඉදිරිපත් කරයි.

“වේව් ස්ටෝන්” මාලාවෙන් කියැවෙන්නේ කාලය සමඟ ඇති අපගේ සම්බන්ධය සහ එදිනෙදා ජීවිතයේදී මෙන්ම කලාව තුළද එහි සීමාවන් නිර්වචනය කිරීමේ දුෂ්කරතාවයි. අපගේ යුගයට ආවේණික කාලය ගෙවී යාම කෙරෙහි ඇති අවිනිශ්චිතතාවය, මේ පැරිසියේ අපූරු යොවුන් කලාකරුවා විසින් දෘඩ ද්‍රව්‍ය , තරලය බවට පත් කරන ගල් , තරංග බවට විරූපණය කිරීම හරහා සිය සංකල්පයන් ඉදිරිපත් කරනු ලබයි.

ඩිජිටල් යුගය දැන් පිළිඹිබු වන්නේ නොසන්සුන් බව සහ රූප ප්‍රතිනිෂ්පාදනය කරන වේගයෙනි. ලියෝ කෙයිලාර්ඩ්ගේ ප්‍රතිමා මෙම යුගයේ ජීවමාන වන අතර, අතීත යුගවල යම් දෝෂ ඇති කරයි. සංඥා නොමැතිකම හෝ WiFi ජාලයෙන් විසන්ධි වීම නිසා කලබල වූ පණිවිඩ සමග තව දුරටත් අදාළ නොවන අතීතයක ස්ථිර අත්හැරීම සනිටුහන් කිරීමට සුන්බුන් ඉතිරි කරමින්, ඕනෑම මොහොතක බිඳවැටීමේ ලක්ෂ්‍යයේ දියාරු ස්වරූපයක් රඳවාගෙන සිටින පීඨිකාවේ ස්ථිරත්වය ඉතිරිව තිබේ.
ලියෝ කෙයිලාඩ් ගේ අසාමාන්‍ය වූත් විශිෂ්ට කුසලතාවය ඔහුගේ නිර්මාණයන් හරහා නරඹන්නන් පුදුමයෙන් කුල්මත් කරන්නට සමත්ව තිබේ.

ගයාත්‍රී නදීශානි තන්තිරිවත්ත
2022/03/29

සටහන : Artsy.net සහ Collater.al ඇසුරෙන්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *