ෆැසිස්ට් යැයි කියූ අරගලකරුවන්ගේ යෝජනා රනිල් භාර ගනී..

ආර්ථික පීඩනයට ලක් ව සිටින ජනතාවගේ ජීවන බර අවම කිරීම සඳහා ඉන්ධන, ගෑස් සහ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලබා දීමට කඩිනම් සහන වැඩසටහනක් ආරම්භ කිරීමට වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ තීරණය කර තිබේ.

අද (ජූලි 16) උදැසන අමාත්‍යවරුන් සහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සමග පැවති සාකච්ඡාවකදී ඔහු මෙම තීරණය ගෙන ඇත.

ඊට අමතරව ලබන අගෝස්තු මාසයේදී ඉදිරිපත් කරන සහන අයවැයෙන් ඒ සඳහා තව ත් අතිරේක මුදල් යෙද වීමට තීරණය කර තිබේ.

ආහාර සුරක්ෂිතා වැඩසටහනේ ක්‍රියාමාර්ග වේගවත් කර එම ක්‍රියාවලිය ශක්තිමත් කිරීමට ද එම සාකච්ඡාවේදී වැඩබලන ජනාධිපතිවරයා උපදෙස් දී ඇත.

විශේෂයෙන් ම, ඉන්ධන සහ පොහොර ක්‍රමවත්ව මෙන් ම කඩිනමින් ලබා දීමට ද මෙහිදී අවධානය යොමු විය.

එමෙන් ම තම ව්‍යාපාර බාධාවකින් තොරව පවත්වා ගෙන යාමට අවශ්‍ය පරිසරය ව්‍යාපාරිකයන්ට සකස් කර දීම කෙරෙහි ද ⁣මෙම සාකච්ඡාවේදී යොජනා වී තිබේ.

මේ අතර, සාමකාමී අරගල නායකයින් විසින් භාර දී ඇති යෝජනාවලියේ සඳහන් මහජන කවුන්සිලය ⁣හොඳ යෝජනාවක් ලෙස පිළිගන්නා බව වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ එම සාකච්ඡාවේදී සඳහන් කර ඇත.

එමෙන් ම දූෂණය මැඩලීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග පිළිබඳව අරගලකරුවන්ට දැනුම් දෙන බව ද වැඩබලන ජනාධිපතිවරයා වැඩිදුරට ත් ප්‍රකාශ කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *