විශ්මයජනක අධිරාජ්‍යයක ජීවය උදෙසා පණ පොවන අපූර්වතම කාන්තාවකගේ වීර කාව්‍යය: විජය ශ්‍රී පුරය ( Victory city )

සියවස් ගණනාවක් පුරාවට පර්භෝජනයට පමණක් ගැනුන විශ්මයජනක අධිරාජ්‍යයක ජීවය උදෙසා පණ පොවන අපූර්වතම කාන්තාවකගේ වීර කාව්‍යය: විජය ශ්‍රී පුරය( Victory city ) බුකර් සම්මාන ත්‍යාගලාභී, ජාත්‍යන්තරයේ ඉහළම වාර්තාගත අලෙවියක් ඇති ග්‍රන්ථ කතුවරයා වන සල්මන් රුෂ්ඩිගේ අතිවිශිෂ්ට පරිකල්පනයෙන් එළි දකින නවතම නවකතාවයි.

දිගුකාලීනව අමතකව ගිය දකුණු ඉන්දියාවේ රාජධානි දෙකක් අතර දහහතරවන සියවසේදී සිදුවෙන නොවැදගත් සටනක් ඇතිවේ. එය අතරතුර දී, එක්තරා නව හැවිරිදි දැරියක් මුහුණදෙන දිව්‍යමය අත්දැකීමක් එතෙක් පැවති ඉතිහාසයේ ගමන් මඟ සම්පූර්ණයෙන් උඩු යටිකුරු වීමට හේතුවේ. ඇස්පනාපිට සිදුවන ඇගේ මෑණියන්ගේ මෙලොව හැරයාමෙන් පසු, දැඩි ශෝකයෙන් වේදනාවට පත් වූ පම්පා කම්පනා දැරියගේ මුවින්, ඇගේ එම නමම ඇති දේවතාවියක් වන පම්පා දේවිය කතා කිරීමට පටන් ගන්නා අතර එතැන්සිට එම දිව්‍ය ආත්මය වෙනුවෙන් ඇය කැපවන්නීය. දේවතාවිය විසින් පම්පා කම්පනා ගේ අවබෝධයෙන් ඔබ්බට ඇගේ බලතලද මේ දැරිවියට ලබා දෙමින්, ඇයට පවසන්නේ වචනාර්ථයෙන්ම “ජයග්‍රාහී නගරය” ක් වන බිස්නාගා නම් මහා නගරයක් — ලෝකයේ ආශ්චර්යයේ හිණිපෙත්තට එසවීමේ ප්‍රධානත්වය සඳහා කම්පනා දැරිය මූලිකත්වය ගන්නා බවයි.

ඊළඟ වසර දෙසිය පනහ තුළ, එහි වචනාර්ථයෙන්ම මායාවී බීජ මල්ලකින් වැපිරීමේ සිට බලයේ සිටින්නන්න්ගේ නොමනා බලකාමී ක්‍රියා පටිපාටියන් නිසා වන ඛේදජනක විනාශය දක්වාම, පම්පා කම්පනාගේ ජීවිතය බිස්නාගා නුවර සමඟින් ගැඹුරින් බැඳී පවතින්නේය. පම්පා කම්පානා, බිස්නාගා නුවර සහ එහි පුරවැසියන්ට රහසින්, පම්පා දේවතාවිය විසින් ඇය වෙත පවරා ඇති කාර්යභාරය සාර්ථක කර ගැනීමට වෙර දරන්නී: පීතෘමූලික ලොවක් තුල කාන්තාවන්ට හිමිවියයුතු සමාන නියෝජන අයිතිය ලබා දීමට අභීතව කටයුතු කරන්නීය. කරුණු එසේ තිබියදී සෑම කථා පුවතකටම ඒවායේ නිර්මාපකයාගෙන් ඉවත් වීමේ මාර්ගයක් ඇත්තා සේ බිස්නාගා නුවරද ඉන් වෙනස් හෝ විශේෂයක් නොවීය. වසර ගණනාවක් නික්ම යද්දී, පාලකයන් පත්වෙමින්- බැහැර වෙමින්, සටන් ජයග්‍රහණය කරමින්-පරාජය වෙමින්, පක්ෂපාතීත්වය වෙනස් වන විට, බිස්නාග පුර
හුදු නිර්මාණයම පම්පා කම්පනා කේන්ද්‍ර කරගනිමින් වඩාත් සංකීර්ණ ටැපැස්ට්‍රියක් බවට පත්වේ.

පුරාණ මහාවීර කාව්‍යයක (epic) පරිවර්තනයක් ලෙස විචිත්‍රවත් ලෙස පෙළගස්වා ඇති මෙම කෘතිය ; ආදරය, වික්‍රමයන් සහ මිථ්‍යාව පිළිබඳ කැටිකොට සැකසූ වෘතාන්තයක් වන අතර එය කතාන්දර කීමේ බලය පාන්නාවූ ප්‍රබල ප්‍රකාශනයකි.

ලොව පුරා විසිරී සිටින රුෂ්ඩිගේ පාඨකයන් දැනටමත් නොඉවසිල්ලෙන් බලා සිටින Penguin Random House ප්‍රකාශනයක් ලෙස ඝනකම කවරයකින් යුතු පිටු 352 කින් සමන්විත මෙම නවකතාව 2023 පෙබරවාරි 7 වන දින අලවිය සඳහා නිකුත් කිරීමට කටයුතු සූදානම් කර ඇත.

නවකතා දහහතරක කතුවරයා වන සල්මන් රුෂ්ඩි — Luka and the Fire of Life; Grimus; Midnight’s Children (ඒ සඳහා ඔහු බුකර් ත්‍යාගය සහ බුකර් සම්මානය දිනා ගත්තේය); Shame; The Satanic Verses; Haroun and the Sea of Stories; The Moor’s Last Sigh; The Ground Beneath Her Feet; Fury; Shalimar the Clown; The Enchantress of Florence; Two Years, Eight Months, සහ Twenty-Eight Nights; The Golden House; වගේම Quichotte—සහ එක් කෙටිකතා එකතුවක් වන East, West ද වනවා. ඊට අමතරව ඔහුගේ ප්‍රබන්ධ නොවන-Joseph Anton, The Jaguar Smile, Imaginary Homelands, සහ Step Across This Line සම සංස්කරණය කල සාහිත්‍යය සංග්‍රහයන් දෙකක් ද වේ. ඇමරිකානු කලා ඇකඩමියේ සාමාජිකයෙකු ද වන සල්මන් රුෂ්ඩි නිව් යෝර්ක් විශ්ව විද්‍යාලයේ නේවාසිකව කටයුතු කරන කීර්තිමත් ලේඛකයෙකි. PEN ඇමරිකානු මධ්‍යස්ථානයේ හිටපු සභාපතිවරයකු වූ රුෂ්ඩි සාහිත්‍යයට කරන ලද සේවය වෙනුවෙන් 2007 වසරේදී නයිට් පදවියෙන් ද ගෞරවනීයව පිදුම් ලැබීය.

ගයාත්‍රී තන්තිරිවත්ත
2022/08/10

පරිවර්තනය http://www.penguinrandomhouse.com ඇසුරෙන්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *