අන්තර් සංස්කෘතික මාවතක් විවර කළ ප්‍රාඥයා  – ආනන්ද කුමාරස්වාමි

මාගේ අදහසේ හැටියට, නූගත් ජනයා ඇතැම් අයුරින් අපට වඩා වාසනාවන්තය. මන්ද ඔවුන්ට සිදුවී ඇත්තේ නූගත් දෙය ඉගෙනීම පමණය. එනමුත් අප බොහෝ දෙනකුට සිදුවී ඇත්තේ උගත් බොහෝ දේ අත්හරින්නටය.”

1911 දෙසැම්බර් මායේදී එංගලන්තයේදී පැවැත්වුණු වාර්ෂික ලංකා රාත්‍රී භෝජන සංග්‍රහයකදී එක්තරා චින්තකයෙක් පැවසුවේ ය. ඒ පැවසූ වදනෙන් ම හේ චින්තකයෙක් බැව් සනාථ වෙන්නේ ය. උගතුන්ට හෝ බුද්ධිමතුන්ට සමාජයේ හිමි තැන ගැන සිතද්දී මෙන් ම උගත් දෙයින් ගත හැකි ඵල ප්‍රයෝජන ගැන සිතද්දී ද මෙය මෙසේ නොවන්නේ ද යන්න සිතීම සාමාන්‍ය කරුණකි. උගතුන්ට උගත් බොහෝ දේ අත්හරින්නට සිදුවෙන මේ පූර්ව නිගමනය දැනට සියවසකටත් පෙර කීවේ ආචාර්ය ආනන්ද කුමාරස්වාමි ය. ඒ චින්තනයක අනාගත ප්‍රභාව විදහා දක්වමිනි.කලාවේ පරමාර්ථය පිළිබඳ ශාන්ති නිකේතනයේ ශ්‍රී සිසිර් කුමාර් ඝෝෂ් හා ආනන්ද කුමා­රස්වාමි අතර සංවාදයක් ඇති වූ බව ආචාර්ය අමරදාස වීරසිංහ සංස්කෘති සඟරාවට ලියූ ලිපි­යක සඳ­හන් කරයි.

කලාවේ පරමාර්ථය කුමක්ද?

හැමවිටම ප්‍රබල ලෙස අදහස් ප්‍රකාශ කිරීමයි

නමුත් කලා කෘති මඟින් කුමක් ප්‍රකාශ කළ හැකිද?

මෙතනදී අපට වේදනාත්මක සත්‍යයක් කියන්නට සිදු වේ යැයි එක්වරම කුමාරස්වාමි කීය
ඒවා බොහෝමයක් ප්‍රකාශ කරන්නේ, මේ දවස්වල විනීත සමාජවල සඳහන් කිරීමටවත් අප අකැමැති දෙවියන් ගැන.

ඔහු වේද, උපනිශද්, බ්‍රාහ්මණ, ශිල්ප ශාස්ත්‍ර, දශරූප වැනි අලංකාරවල පිහිටා පාරම්පරික ව පැවැති සම්මත සම්ප්‍රදාය අගය කළේ ය. තවද පෙරදිග කලාකරුවා ගේ උත්තම ගුණයක් ලොවට පෙන්නා දුන්නේ ය. එනම් කලාකරුවා අහං-කාර­යෙන් (මම යන හැඟී­මෙන්) තොරව තම කලා කෘති ඉදිරිපත් කිරීමයි. මමායනක්, ‘අහං‘ යන හැඟීමක් නැති පෙරදිග කලාකරුවා සිය කෘති ඉදිරිපත් කළේ නිර්නාමික ව ය.

ආනන්ද කුමාරස්වාමි නම් චින්තකයා, කලාකරුවා, පර්යේෂකයා ගැන ආචාර්ය අමරදාස කළ මේ හැඳි­න්වීම ඔහුගේ නිර්මාණ හා චින්තන ප්‍රභාව ගැන ප්‍රමා­ණ­වත් හැඳි­න්වී­මකි. ඔහුගේ චින්තන හා නිර්මාණ වප­ස­රියේ වන පෘථූල බව පසක් කිරී­මට ඒ කලා­ක­රු­වාගේ ස්වභා­වය පිළි­බඳ ව ඔහු දරන මතය ම වුව ප්‍රමා­ණ­වත් වීම ඊට හේතු­වයි.
ආනන්ද කුමා­ර­ස්වා­මිගේ පෙළ­පත පිරි­ක්සන විට ඔහු මෙරට කලා ශිල්ප පිළි­බඳ දැරූ අප්‍ර­මාණ භක්තියේ නෂ්ටා­ව­ශේෂ එන්නේ කොත­නින් දැයි පෙනේ. ඔහුගේ පියා වන මුත්තු කුමා­ර­ස්වා­මිගේ පියා වූයේ ආරු­මු­ගම් පිල්ලේ කුමා­ර­ස්වාමි ය. යාප­නයේ මනි­පායි හි ඉහළ කුල පර­ම්ප­රා­ව­කින් පැවත ආ ඔහු 1815 දී පමණ උඩ­රට රාජ­ධා­නියේ පළ­මු­වන ඉංග්‍රීසි අණ දෙන නිල­ධා­රි­යාගේ ප්‍රධාන භාෂා පරි­ව­ර්ත­ක­යාව සිටියේ ය.

මුත්තු කුමා­ර­ස්වාමි නයිට් නාම­යක් ලැබූ පළ­මු­වන ආසි­යා­ති­කයා ය. සංස්කෘත හා පාළි උග­ත්තකු සේ සල­කන ඔහුට සිටියේ දිය­ණි­යක හා පුතෙකි. ඔහුගේ දිය­ණිය වන සෙල්ලච්චී කුමා­ර­ස්වාමි යනු ශ්‍රීමත් පොන්න­ම්බ­ලම් රාම­නා­දන් හා ශ්‍රීමත් පොන්න­ම්බ­ලම් අරු­ණා­ච­ලම් යන නිද­හස් සටනේ පුරෝ­ගාමී මෙහෙ­ව­රක් කළ දෙදෙ­නාගේ මෑණි­යන් ය.

මුත්තුගේ පුත­ණු­වන් වන්නේ ආනන්ද කුමා­ර­ස්වාමි ය.
ආනන්ද ඉපදී මාස අට­කට පසු මව සමඟ එංග­න්ත­යට යන අතර, පියා ඔවුන් හා එක්වී­මට එංග­න්තය බලා යන දවසේ ම හදි­සියේ ජිවි­ත­යෙන් සමු ගත්තේ ය. අන­තු­රුව කුඩා ආනන්ද සිය දිවි­සැ­රිය ගෙවන්නේ මව සම­ඟින් එංග­ල­න්තයේ ය. ඉගෙ­නී­මෙන් අන­තු­රුව ඔහු ලංකා­වට එන්නේ භූගර්භ විද්‍යාව හා උද්භිද විද්‍යාව පිළි­බඳ පළ­මු­වන පන්තියේ ගෞරව උපා­ධි­යක් ලබා ගැනී­මෙන් අන­තු­රුව ය.
ඛනිජ විද්‍යා දෙපා­ර්ත­මේ­න්තුවේ අධ්‍ය­ක්ෂ­ව­ර­යෙක් ලෙස පත්වී­මක් ලබන කුමා­ර­ස්වා­මිට ඒ තන­තුර දැරූ වසර තුනක කාල­යේදී ලංකාව පුරා සංචා­රය කර­න්නට අව­ස්ථාව උදා වේ. පා ගම­නින් ද, කර­ත්ත­යෙන් ද ලංකාව පුරා සංචා­රය කළ ඔහුට ලාංකේය සිතු­වම් කලාව, පුරා විද්‍යාව හා සිංහල සිරිත් විරිත් මෙන් ම කලා ශිල්ප ද ඇසුරු කර­න්නට හා ගවේ­ශ­නය කර­න්නට ලැබිණි. එයින් උද්දී­ප­නය වන ඔහු විවිධ පළා­ත්වල ගැමි­යන් හමුවී ලාංකේය කලා ශිල්ප පිළි­බ­ඳ­වත් ජන සාහි­ත්‍යය පිළි­බ­ඳ­වත් හදා­ර­න්නට පටන් ගත්තේ ය. ඒ හැදෑ­රී­මෙන් ප්‍රති­ඵල ලැබුණේ ලාංකේය සාහි­ත්‍ය­යට ය; ඉති­හා­ස­යට ය. අව­ර­දිග සංස්කෘ­තිය හමුවේ මුල් සිඳුණු වක­වා­නු­වක එකී ස්වර්ණ­මය මිණි කැට මතු කර­ගන්නේ ආනන්ද කුමා­ර­ස්වාමි ය.
එතැ­නින් නොන­ව­තින ඔහු ඉන්දීය දර්ශ­නය, සාහිත්‍ය හා කලා ශිල්ප ද හදා­ර­න්නට පටන් ගත්තේ ය. ඉන්දීය බෞද්ධ ප්‍රතිමා කලාව, ජෛන චිත්‍ර කලාව, මෝගල් චිත්‍ර කලාව, රාජ්පුත් සිතු­වම් කලාව අධ්‍ය­ය­නය කළ ඔහු භාර­තීය සිතු­වම් කලා­වට ග්‍රීක ආභා­ස­යක් නැති බැව් පෙන්වා දුන්නේ ය. වෛදික සාහි­ත්‍යය පිළි­බඳ ඔහුගේ අධ්‍ය­ය­නය ලොව වෙත නව ශාස්ත්‍රීය සම්ප්‍ර­දා­න­යක් විවර කළේ ය. පෙර­දිග කලාව හා කලා ශිල්ප පිළි­බඳ ඔහුගේ දැනුම අපට දායාද කළේ විචා­රා­ත්මක කෘති සමු­දා­යකි. මේ අතර මධ්‍ය කාලීන සිංහල කලා, නූතන උඩ­රට ගෘහ නිර්මාණ ශිල්පය, ඉන්දීය මධ්‍ය ආසියා හා ලංකාවේ බිතු­සි­තු­වම්, ඉන්දි­යාවේ හා ශ්‍රී ලංකාවේ කලා ශිල්ප ආදිය මීට නිද­ර්ශන වෙති. ඔහු විසින් ලියන ලද කෘති සියල්ල නම් කිරීම මේ වැනි කෙටි ලිපි­ය­කදී කළ හැක්කක් නොවේ. කෙසේ නමුත් පෙර­දිග ඉති­හා­සය හා කලා ශිල්ප ගැන ඔහු කළ පර්යේ­ෂණ හා ගවේ­ශන වඩාත් වැද­ගත් වෙන්නේ ඒ සියල්ල ඔස්සේ ඔහු මත­වා­දී­මය වටි­නා­ක­මක් නිර්මා­ණය කිරීම නිසා ය. එය හුදු පර්යේ­ෂණ භූමි­කා­වෙන් ඉදි­රි­යට ගිය චින්ත­න­මය හා දාර්ශ­නික ප්‍රවේ­ශ­යක් ලෙස හඳුන්වා දිය හැක්කේ ඒ නිසා ය.Pragyata - Ananda Coomaraswamy(1877 − 1947) made... | Facebook
භූගර්භ විද්‍යාව හා උද්භිද විද්‍යාව විෂය ක්ෂේත්‍ර සිය උසස් අධ්‍යා­ප­නයේ විෂය පථ සේ හැදෑරු ආනන්ද කුමා­ර­ස්වාමි ශ්‍රී ලංකාවේ තෝරි­ය­න­යිට් ඛණි­ජය ගැන අධ්‍ය­ය­නය කර­න්නට පටන් ගත්තේ ය. බ්‍රිතාන්‍ය වැවි­ලි­ක­රු­වන් විසින් මේ පිළි­බඳ ව ඔහු දැනු­ම්වත් කරන ලද බව පැවසේ. සිය පර්යේ­ෂ­ණය පිළි­බඳ ව 1904 දී Spolia Zeylanica ජර්න­ල­යට වාර්තා­වක් සම්පා­ද­නය කරන ඔහු එහිදී තෝරි­ය­න­යිට් යන්න හඳුන්වා ඇත්තේ යුර­නි­න­යිට් කියා ය. පසුව එය තෝරි­ය­න­යිට් නොව යුර­නි­න­යිට් බව පැහැ­දිලි විය. මේ විකි­ර­ණ­ශීලී ඛනිජ ගැන කරන ලද පර්යේ­ෂ­ණය වෙනු­වෙන් ඔහුට ලන්ඩන් විශ්ව­වි­ද්‍යා­ලය විසින් D.Sc (Doctor of Science in Geology) උපා­ධිය පිරි­න­මන ලදී. 1906 න් පසු නැව­තත් එංග­ල­න්ත­යට යන කුමා­ර­ස්වා­මිට ඛනිජ පිළි­බඳ උන­න්දුව හීන වී ඇති බවක් විම­ර්ශ­නය වේ. ඒ වෙනු­වට ඔහු පෙර­දිග කලා ශිල්ප පිළි­බඳ නොතිත් පිපා­සා­ව­කින් යුතු වූයේ වෙයි. ඡායා­රූප ශිල්පි­යෙක් හා චිත්‍ර ශිල්පි­යෙක් ලෙස ද ඔහුගේ හැකි­යා­වන් පළට වෙයි. අවු­රුදු හැත්තෑ­වක සිය දිවි­සැ­රිය ඇතු­ළත ඔහු ලියූ ග්‍රන්ථ සංඛ්‍යාව 120 කට අධික ය. ශාස්ත්‍රීය ලිපි 500 කට අධික සංඛ්‍යා­වක් හා විචාර පොත් පන­හ­කට වැඩි ප්‍රමා­ණ­යක් ද ඔහුගේ ලිවි­සැ­රි­යට ඇතු­ළත් ය.
ආනන්ද කුමා­ර­ස්වාමි සිය ජීවි­තයේ බොහෝ විමැ­සු­වන්ගේ විචා­ර­ක්ෂි­යට යොමු වූවෙකි. හේ පිළි­බඳ කතා කර­න්නන් විවිධ පැති ඔස්සේ සිය අද­හස් පළ කර තිබේ. ඇමෙ­රි­කාවේ රොබට් ලීච් පව­සන්නේ ඔහු මුනි­ව­ර­යෙක් බඳු බවත් නවී­න­ත්වයේ කාන්තා­ර­යෙහි පිහිටි ක්ෂේම භූමි­යක් බවත් ය. විශ්ව භාර­තයේ ශ්‍රී අමිය කුමාර් සෙන් ඔහු හා අන­ගා­රික ධර්ම­පා­ල­තුමා තාගෝර් හා ස්වාමි විවේ­කා­න­න්දන්ට සමාන කරයි. ලෝකයේ සිය­ලුම ආග­මික සම්ප්‍ර­දා­යන් ආනන්ද කුමා­ර­ස්වා­මි­ගෙන් හමු­වෙන බව ජින් බොරෙ­ල්ලාගේ අද­හ­සයි. ආනන්ද කුමා­ර­ස්වාමි නම් උතුම් ශාස්ත්‍ර­ඥ­යාගේ උර­හිස් මත අපි අදත් නැඟී සිටිමු යැයි කීවේ හයි­න්රිච් ෂිමර් ය. මිර්සියා එලි­ඒඩ් පව­සන්නේ ශත­ව­ර්ෂයේ මහා ප්‍රාඥා­ව­කින් සහ අව­බෝ­ධ­ය­කින් ලියූ වෙනත් ලේඛ­ක­යකු නැති බවෙකි.

මේ කුමන සමාන කිරීම් මැද වුවත් ආනන්ද කුමා­ර­ස්වාමි තමාට ම ආවේ­ණික වූ කලා­වක හා වග­කී­මක බැඳී සිටි­යේය. විවිධ විෂ­යන් ගැන කෘති පළ කළ අල්ප වූ ශාස්ත්‍ර­ඥ­යන් අතර හේ ප්‍රමු­ඛ­යෙකි. දර්ශ­නය, ආගම, ප්‍රතිමා කලාව, ඉන්දි­යානු සාහිත්‍ය හා කලාව, මධ්‍ය කාලීන කලාව, සංගී­තය, ඡායා­රූප කලාව ආදී බොහෝ ක්ෂේත්‍ර­වල හේ පර්යේ­ෂ­ණ­යෙහි නිරත වීය. ඒවායේ ඵල ලැබුණේ අපට ය. කලාව පිළි­බඳ ගැඹුරු අධ්‍ය­ය­න­යක නියැ­ළෙන පර්යේ­ෂ­කයා තත් කලා සම්ප්‍ර­දාය හා බැඳී තිබෙන භාෂා හා දාර්ශ­නික චින්තා ගැන මනා සේ අධ්‍ය­ය­නය කළ යුතු බව හේ දැන සිටි­යේය. ඉංග්‍රීසි විෂ­යේ ප්‍රාමා­ණි­ක­යකු වුව ද පෙර­දිග කලා­වන් හදා­ර­න්නට නම් සංස්කෘත හා පාළි භාෂා හැදෑ­රීම අත්‍ය­වශ්‍ය බව සිතූ හේ ඒ වෙනු­වෙන් ද කැප විණි. ග්‍රීක්, ලතින්, ප්‍රංස හා ජර්මන් ද හේ මැන­වින් හැදෑ­රුවේ ය. සිංහල, දෙමළ, හින්දි, පර්සි­යානු, ඉතාලි, ස්පාඤ්ඤ හා ඕලන්ද භාෂා ඉගෙ­නීම කෙරෙහි ද ඔහුගේ උන­න්දු­වක් තිබිණි. ඔහුගේ භාෂා හැදෑ­රීමේ නොතිත් පිපා­සාව දැල්වුණේ විවිධ අන්තර් සංස්කෘ­තික හැදෑ­රීම් සඳහා පහ­සු­වක් සලසා ගනු වස් ය. ඒ අනුව හේ භාෂා දහ­තු­නක් පමණ දැන සිටියේ ය. සිය ජීවිත කාලයේ භාෂා දහ­තු­නක් දැන සිටි ප්‍රාමා­ණි­ක­යන් ඉතා අල්ප විය යුතු ය.
ආනන්ද කුමා­ර­ස්වාමි මේ ලොව නැති දර්ශ­න­යක් හෝ අමුතු දහ­මක් පෙන්නූ­වකු නොවේ. යට­පත් වූ කලාව හා දර්ශ­නය ඔස්සේ සත්‍ය සොයා යෑමට හේ සිය කාලය කැප කළේ ය. එහි ඵල ලැබූවෝ අපි වෙමු. බුදු­ද­හම හා හින්දු දහම මිලේ­ච්ඡ­යන්ගේ ඇද­හීම, පිළිම වන්දනා, වෘක්ෂ වන්දනා ආදී ලෙසින් වර­දවා වට­හා­ගත් අව­ර­දිග ජන­තාව ඔහු ලියූ පොත් පත්, ලිපි ලේඛන නිසා සත්‍යය වටහා ගත්හ. ඔහු අප රටෙහි මෙන් ම ඉන්දි­යාව ද වෙළා ගනි­මින් සිටි බට­හිර ගැති භාවය නිර්දය ලෙස විවේ­ච­නය කළේ ය. එය ඔහු කරන ලද්දේ කර­න්නන් වාලේ හෝ දෙන්නම් බැටේ ක්‍රම­යෙන් නොව උග­ත්ක­මෙන් ලද හික්මී­මෙන් යුතු ව ය. පෙර­දිග රට­ව­ලට බට­හිර අධ්‍යා­ප­නය ගෙඩි පිටින් ආදේශ කිරීම ආයුධ වෙළෙ­ඳා­ම­ටත් වඩා භයා­නක බව ඔහු කියන්නේ මේ හැදෑ­රී­මත් සමඟ ය.Tiempo y eternidad, por Ananda Coomaraswamy - Punto Crítico Derechos Humanos

බට­හි­ර­ක­ර­ණය හේතුවෙන් මෙරට පාර­ම්ප­රික ශිල්ප ශ්‍රේණි­වල ජීවන පැවැත්ම සුනු විසුනු කර දැමූ බව ඔහු සනි­ද­ර්ශිත ව පෙන්වා දෙයි. ඉංග්‍රීසි අධ්‍යා­පන ක්‍රමය නිසා ලාංකි­කයා හර පද්ධ­ති­යක් නැති නික­මකු බවට පත් කර ඇතැයි ඔහු චෝදනා කළේ ය. ඉංග්‍රී­සීන් ප්‍රචා­රය කළ අධ්‍යා­ප­නය ගැන බට­හිර උග­තුන් ම කිව්වේ සිය සමය පිළි­ගැ­න්වීමේ උම­තුව කියා බව කුමා­ර­ස්වාමි කියන්නේ ඒ නිසා ය. මේ පිළි­බඳ සිය කෘති­යක් වන උග­ත්කම නැමැති බිල්ලා කෘතියේ කුමා­ර­ස්වාමි දක්වන්නේ මෙසේ ය.

‘පසු­ගිය ශත­ව­ර්ෂය අව­සා­න­යෙහි ආරම්භ කරන ලද බල­හ­ත්කා­ර­යෙන් ලියන්ට කිය­වන්ට ඉගැ­න්වීම නිසා අපගේ සිතුම් පැතුම් පරිදි සුඛිත- මුදිත කාර්ය­ක්ෂම නාග­රි­කයෝ පහළ නොවූහ. අනික් අතින් ඒ ඉගැ­න්වීම් නිසා හිත් කල­ඹන පුවත් පළ කරන පුව­ත්පත් කිය­ව­න්නෝත්, සිනමා චිත්‍ර බල­න්නට යන්නෝත් සුලබ වූහ. ලියන්ට කිය­වන්ට ඉගැ­න්වී­මෙහි ඒකාන්ත වටි­නා­ක­මක් ඇත යන මිතථා මතය මගේ සංවේ­ග­යට හේතු වෙයි. නූගත් මිනි­සුන්ගේ සංස්කෘ­තික මැනී­මට උග­ත්කම මිනු­මක් කර­ගැ­නීම හේතු කොට ඉතා අන්ත­රා­ය­කර ප්‍රති­ඵල ඇති­විය හැකි ය‘ ශ්‍රී ලංකාවේ අධ්‍යා­ප­නය ස්වභා­ෂා­වෙන් සිදු විය යුතුය යන අද­හස මුලින් ම ඉදි­රි­පත් කරන ලද්දේ ඔහු විසිනි. ලංකා­වට විශ්ව­වි­ද්‍යා­ල­යක ඇති අව­ශ්‍ය­තාව පෙන්වා දීමේ ලා ඔහු පුරෝ­ගාමී මෙහෙ­ව­රක් කළේ ය. උග­ත්කම නම් පොතේ පතේ දැනු­මෙන් අවි­චා­ර­වත් ව පෙර­දිග සංස්කෘ­තිය විනාශ වීමට ඉඩ නොදිය යුතුය යන්න කුමා­ර­ස්වාමි නිර­න්ත­ර­යෙන් අව­ධා­ර­ණය කළේ ය.Ananda Coomaraswamy – The Reader's Catalog

දේශී­ය­ත්වයේ පටු සීමා විනි­විද විශ්ව මන­ස­කින් දේශී­ය­ත්වයේ මහි­මය ලොවට පෙන්වා දුන් සෞන්ද­ර්ය­වේ­දි­යකු හා චින්ත­ක­යකු ලෙස ඔහු බුහු­ම­නට පාත්‍ර වන්නේ මෙකී මැදි­හත් වීම හේතු­වෙනි.

එරික් ගිල් පව­සන්නේ කලාව, ජීවි­තය, ආගම සහ භක්තිය පිළි­බඳ ව ආනන්ද කුමා­ර­ස්වාමි තරම් ප්‍රඥා­ව­කින් සහ අව­බෝ­ධ­ය­කින් ලියූ වෙනත් ලේඛ­ක­යකු නැති බවය.
ඔහුගේ දිවි­සැ­රි­ය­ටත් වඩා බර ලිවි­සැ­රි­යක් අපට ඉති­රි­ කර නික්ම ගිය ආනන්ද කුමා­ර­ස්වාමි නම් අන්තර් සංස්කෘ­තික සොඳුරු සැරි­ස­රන්නා විශ්ව­වි­ද්‍යා­ල­වල තව­මත් අනි­වාර්ය හැදෑ­රීම් සාධ­ක­යක් නොවන්නේ ඇයි ද යන්න අපට ගැට­ලු­වකි.

✍️ සුමුදු චතුරාණී ජයවර්ධන

Leave a Reply

Your email address will not be published. Required fields are marked *