දුප්පත් මිනිහට, රටට වැඩ කළ එකම පක්ෂය එජාපයයි – රාජිත, සජිත්ගේ වේදිකාවේදි කියයි.

රාජිත සේනාරත්න පසුගිය දා සමගි ජන බලවේගය පක්ෂයේ කොළොන්නාවේ පැවැති ආසන බල මණ්ඩල රැස්වීමකදී සදහන් කොට සිටියේ රටට හා දුප්පත් ජනතාව සේවයක් කළ එකම පක්ෂය එක්සත් ජාතික පක්ෂය බවයි. ඔහු මේ බව ප්‍රකාශ කකරද්දී සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාසද මහතාද වේදිකාවේ සිටීම විශේෂත්වයකි.

රාජිත සේනාරත්න මහතා අදාළ දෙසුමේදී මෙසේ කියයි  ” එදා සමගි පෙරමුණේ ආණ්ඩුවේ තමයි ඉස්සෙල්ලම ‌මේ රටේ මාක්ස්වාදී හා කොමිනියුනිස්ට් ඇමතිවරු ලංකා ඉතිහාසයේ ඇමති මණ්ඩලයේ වාඩි වුනේ ඒ් එන්. එම්ලා .එස්. ඒ්. වික්‍රමසිංහලා එක්ක. එදා දේශපාලනය කරපු මම එදා ඒ් ආණ්ඩුවෙන්වත් 2015-2019 අපේ ආණ්ඩුවෙන් තරම් සහන දුන්න ආණ්ඩුවක් නැති තරම් ඒ් තරම් දුප්පත් මිනිහට වැඩ කරපු කිසිම ආණ්ඩුවක් නෑ. UNP ය ධනපති කරද්දී UNPය ඔක්කොම කළේ මේ රටේ අහිංසක මිනිස්සුන්ට. තමුන්නාන්සෙලාට. ”

මේ සමගි ජන බලවේගයේ සජිත් ප්‍රේමදාස විසින් තැනින් තැනට ගිහින් ඒ් ඒ් නායකයින්ට ඇමතිධුර ලබා දෙමින් යන වේදිකා සංදර්ශනයේ එක් අවස්ථාවකදී සිදුවූ සිදුවීමක්. සජිත්ට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා විවෘතව ආරාධනාවක් කරනු ලැබූවා සර්වපාක්ෂික ආණ්ඩුවකට පැමිණෙන ලෙසත් එමගින් ඇමතිධුර ලබාගෙන රටට වැඩක් කිරීමට පෙළ ගැසෙන ලෙසත්, එහෙත් ඒ් ආරාධනාවන් පසෙකලා, තමන් සිහිනයෙන් හදාගන්නා ආණ්ඩුවක සිහින ඇමතිධුර බෙදීමක් සිදුකරමින් සිටී. සජිත්ගේ සිහින ආණ්ඩුවේ අගමැති ධුරයම තිදෙනකුට දීමට කටයුතු කර තිබීම දේශපාලන ලෝකයේ මහා විහිළුවක් බවට පත්ව ඇත. රංජිත් මද්දුම බණ්ඩාර, සරත් ෆොන්සේකා හා ලක්ෂ්මන් කිරිඇල්ල යන තිදෙනාට අගමැති ධුරය ලබා දීමට සජිත් එක් එක් ස්ථානවලදී ප්‍රකාශ කොට ඇත. ඉන් නොනැවතී ඔහු රාජිත සේනාරත්නට හතර වෙනි ඇමතිධුරය ලබාදෙන්නා බවට පත් කොට ඔහු ලවා වේදිකාවේ කෑමොර දී තම ඉටු නොවන සිහිනයට වේදිකා සරසන්නෙකු බවට පත් කොට‌ගෙන ඇත.

රාජිත සේනාරත්න මෙවැනි වේදිකා සරසන්නෙකු නොවිය යුත්තේ ඔහුගේ පරිනත දේශපාලන ක්‍රියාදාමය නිසාමය. පක්ෂ විපක්ෂ කවුරුන් හෝ සෞඛ්‍ය අමාත්‍යංශය නිසියාකාරව මෙහෙය වූවෙකු වේ නම් ඔහු රාජිත සේනාරත්න බව අවවාදිතව පිළිගනු ලබන්නේ රාජිත විසින් එක්සත් ජාතික පක්ෂය මූලිකත්වයෙන් පිහිට වූ යහපාලන ආණ්ඩුව තුළ සෞඛ්‍ය අමාත්‍යධූරය නිසි පරිදි පවත්වාගෙන ගිය නිසාවෙනි. රාජිත වැන්නන් අවශ්‍ය වන්නේ එවැනි වගකීම් සහගත ආණ්ඩුවක වගකීම් සහගත අමාත්‍ය ධූරයක් දරමින් වගකීමෙන් වැඩ කිරීමටය.

එබැවින් රාජිත සේනාරත්න වන ඔබ ඉපැරණි වාම හා දක්ෂිණාංෂික නායකයන්ගේ හුරුවේ වැඩුනු චරිතයක් බැවින් දැනුම හා වැඩකිරීමට ඇති හැකියාව ප්‍රයෝජනයට ගෙන ගෙවා දමන ජීවිත කාලයේ රටට වැඩක් කිරීම සදහා එහෙව් ශක්ති සම්පන්න ස්ථානයක කඳවුරු ලෑම සිදුකළ යුතුය. එසේ නොවී සජිත් ප්‍රේමදාස වැනි කිසිදා ආණ්ඩුවක් පිහිටුවීමට තරම් බහුශ්‍රැත දැක්මක් දැනුමක් නොමැති සිහින දකින්නෙකුගේ වේදිකා පිරවීමට හා එහි කතා සාප්පුවකට එකතුවී ගෙවා දමන කාලය නාස්තියක් මිස අන් යමක් නොවන බව සදහන් කළ යුතුමය.

අවසන් වශයෙන් සදහන් කළ යුතු වන්නේ රාජිත ඔබට වැඩක් කිරීමට අවශ්‍ය නම් එයට කාලය මේ කාලය වන අතරම ඊට හොදම පරිසරයද ගොඩ නැගී තිබීම විසින් නන් දොඩන්නෙකු නොවී හැකි දෙයහැකි ලෙස ඉටු කිරීමට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා සමග ඔබට හුරු එක්සත් ජාතික පක්ෂයේ ස්ථානය සනිටුහන් කර ගන්නා ලෙසය.

රාජිත සේනාරත්න මහතාගේ ප්‍රකාශය පහත වීඩියෝවේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *