කට්ට කාල රිහසල් කරත් අපිව හලපු වෙලාවල් තියෙනවා – උදයංගනී සමන්කුමාරි

යෙහෙලි , දූවිලි සුවද, සාරංගනා, මානවිකාවි, චායා, ඉතිං ඊට පස්සේ, කොට උඩ මන්දිර, සිහින පියාපත්, ආදරය ගින්දරක්, ආදර වැස්ස, ඉතිං මට අවසරයි. වැනි ටෙලි නාට්‍ය තුළින්ද “උත්තරා “චිත්‍රපටය , ” දියවක ” ” කට වහපන් සිරියාවතී” කෙටි චිත්‍රපටය ද , ” අරලියා මං ආදරෙයි ” ගුවන් විදුලි නාට්‍ය තුළින්ද ඔබ හමුවට ආ ඒ උදයංගනී සමන්කුමාරි අද art එකේ target තුළින් ඔබ හමුවට පැමිණෙයි.

කාලයක් දුටු අපූරු මුහුණක් ටෙලි සිත්තම් වල මේ කාලයේ දකින්න ලැබෙන්නේ නෑ ඔබ කලාවෙන් සමුගෙනද ?

කලාවෙන් සමුගන්නනං කොහොමත් අදහසක් නෑ. කලාව කියන්නේ මං විනෝදෙට කරන දෙයක්වත්. කල් මරන්න කරන දෙයක්වත් නෙවෙයි. කලාව කියන්නේ මගේ ජීවිතය හා සමානයි. මං මගේ දරුවෝ දෙන්නා වෙනුවෙන් කලාවෙන් තාවකාලික සමුගැනීමක් පමනයි ඉන්නේ… මං අවුරුදු හයකින් කැමරාව ඉදිරියට ගිහින් නෑ.  මේ මගේ දරුවන්ට මාව ඕනම කරන කාලය.

මේ කාලයේ විකාශනය වන ටෙලි නාට්‍ය හා ඔබ මෙතෙක් රඟ පෑ ටෙලි නාට්‍ය සම්බන්ධයෙන් අදහස මොකද්ද

දැන් ටෙලිනාට්‍ය කලාව වේගයෙන් තරගකාරී බවට ඇවිත්… ඒ නිසා බොහෝසෙයින් නාලිකා අතර රේටින් මත බිහිවන නිර්මාණ වැඩියි ලංකාවේ බිහි වෙන කලා කෘති මේ වනවිට ටෙලි නිර්මාණ දක්වා පමණක් ලඝුව පවතිනවා. වේදිකාව,

සිනමාව මේ අතරින් ඈත් වෙලා මෙයට හේතුව කුමක්ද ?

රටේ තිබෙන දේශපාලන ආර්ථික බිදවැටීම එයට බොහෝසෙයින් බලපාලා තිබෙන බවයි මගේ අදහස. නැතිව වේදිකාව තුල සාර්ථක නිර්මාණ බිහිවෙනවා. ඒත් නිර්මාණ ප්‍රේක්ෂකයන් අතරට ගෙනයාමේ ප්‍රායෝගික ගැටලු නිර්මාණ ශිල්පීන්ට බලපාලා තියනවා. සිනමාවටත් එහෙමයි… ඒ නිසා නිවසේ සිට පහසුවෙන් රස විදින්න පුලුවන් රූපවාහිනීය නිසා ප්‍රේක්ෂකයා එයට සමීපවෙලා තියනවා. ඒ වගේම අදාල බලධාරීන්ද වේදිකාවට හා සිනමාවට සහයෝගයක් නොදීමද බලපාලා තියනවා.No description available.

රංගන ශිල්පිනියන් ලෙස ඔබ ඔබේ හැකියාව වර්ධනය කිරීම සදහා අනුගමනය කරන දෑ සම්බන්ධයෙන් පැහැදිලි කළොත්

අධ්‍යයනය…. විශිෂ්ඨ නිර්මාණ නැරඹීම…. සමජ චරිත අධ්‍යයනය.

ක්ෂේත්‍ර යේ නැවත නියලෙනවා නම් රඟ පෑමට අදාළ චරිත ඔබ තෝරා බේරා ගන්නවාද

අවුරුදු හයකින් කැමරාවට මුහුණ දීලා නැහැ. තවත් අවුරුද්දක්වත් මෙහෙම ඉදි. එතකොට එකපාරටම චරිත තෝරා බේරාගැනීමට අමාරුවෙයි කියලා හිතෙනවා. හෙමින් ගමනක් ආවා වගේම හෙමින් ගමනක් යන්නත් වේවි ඉතිං.

ඔබ වඩාත් කැමති වේදිකාවටද ටෙලි නාට්‍යයටද .. කලා ක්ෂේත්‍රයක බෙදීම් ගැන ඇසීම යුතු නෑ තමයි නමුත් කලාවේ පදනම් සම්බන්ධායයෙන් දැනීමක් තිබිය යුතුයැයි මා යෝජනා කරනවා..එතැන සිට පිළිතුරු දුන්නොත්

දෙකම කරලා තියනවා…. හුගක් කට්ට කාල රිහසල් කරලා අන්තිමේ ෂෝ එකට ඔන්න මෙන්න තියෙද්දි අපිව හලපු වෙලාවලුත් තියනවා…. වේදිකාවට යොමු කරන්න ලොකු කාලයක කැප කරන්න වෙනවා… ඒ නිසා ටෙලිනාට්‍ය කැමතියි….

ඉදිරියේදී කලා කටයුතු සිදුවන්නේ කෙසේද යන්න පැහැදිලි කළොත් ?

තව අවුරුද්දක්වත් මෙහෙම ඉදීවිNo description available.

කොහොමද පවුලේ කටයුතු

කියන්න සතුටුයි මොනව නැතිවුනත් මට ලස්සන පවුලක් තියනවා. ලොකු පුතාට අවුරුදු අටයි . එයා ලයිසියම් ජාත්‍යන්තර පාසලේ 4 ශේණියේ ඉගෙනගන්නවා.පොඩ්ඩා තාම නර්සරි. එයාලා දෙන්නා වෙනුවෙන් තමයි මගෙ මුලු කාලයම කැප කරන්නේ මේ දවස්වල. මහත්තයා ජනප්‍රිය ටෙලිනාට්‍ය අධ්‍යකෂ සදුන් රාජකරුණා. මං හිතන්නේ පවුල ඇතුලේදි දරුවන්ට අම්මව ඇරෙන්න තව කෙනෙක් හිටියට ඒ අඩුව මකන්න අමාරුයි. දරුවන්ට ආයෙත් මේ කාලය එන්නෙත් නෑ… මං හිතන්නේ ඒ ගැන

ඔබගේ කලා දිවියේ පුර්වා දර්ශයන් හා මග කියූ අය සම්බන්ධයෙන් කිව්වොත් ?

පලවෙනියෙන්ම මගේ තාත්තා… මට අවුරුදු විස්සෙන් කොළඹ එන්න දීපු එකම ලොකුදෙයක්… රගපාන පිස්සුව හැදිලා තැන්තැන්වලට ඇප්ලිකේෂන් දාද්දී මහේන්ද්‍ර පෙරේරා කියන සිනමාවේ දැවැන්තයා මුනගැහුනා. ස්ටුඩියෝ ආර්ටිසන් එකට යොමුවුනේ එහෙම… එතනින් ලබපු පන්නරය කියාගන්න බෑ… මගේ අම්මා තාත්තා… නංගිලා… මගේ මහත්තය… නිල්වලා ආයතනය…. ගීපද රචක ලලිත් වසන්ත මහතා මේ හැමෝම මගේ ගමනට සහයෝගය දුන්නා…

කලා පවුලකින් නැතිව ගමකින් ආව මට උදවු කල අය නම් වශයෙන් කියන්න අමාරුයි… ඒ හැමෝටම ස්තුතියි…

සාකච්ඡා සටහන – තුසිත පතිරණ 

No description available.

No description available.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *