ඇමති මණ්ඩලය ගැන තීරණයට බැසිල් – ජනපති හමුවක් ලගදීම.
යෝජිත අමාත්‍ය මණ්ඩල පත් කිරීම් සම්බන්ධ අවසන් තීන්දුව ගැනීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ පොහොට්ටුවේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා අතර විශේෂ හමුවක් ඉදිරි සතියේදී පැවැත්වෙනු ඇතැයි දේශපාලන ආරංචි සදහන් කොට සිටී.
පසුගියදා පෞද්ගලික නිවාඩුවක් සඳහා ඇමෙරිකාව බලා ගිය බැසිල් රාජපක්ෂ මහතා ඊයේ(20) නැවත ශ්‍රී ලංකාවට පැමිණියේය.
බැසිල් රාජපක්ෂ දිවයිනට පැමිණීමට නියමිතව තිබී ඇත්තේ ජනවාරි මාසයේ වුවත් පවතින දේශපාලන වාතාවරණය සලකා කැබිනට් මණ්ඩලය පත් කිරීම හා පක්ෂයේ ඉදිරි කටයුුතු පිළිබදව දේශපාලන තීන්දු තීරණ ගැනීමට බව දේශපාලන ආරංචි මාර්ග වැඩිදුරටත් සදහන් කෙට සිටි.
ඔහු පැමිණීමෙන් පසු මෙතෙක් ප්‍රමාද වෙමින් පැවති කැබිනට් පත්වීම් සහ ආණ්ඩුකාර පත්වීම් සිදුකෙරෙනු ඇතැයි ද වාර්තාවේ.