2022 සුභාෂ් චන්ද්‍රබෝස් සම්මානය කැළණියේ ආචාර්යවරුයෙකුට
කැලණිය විශ්වවිද්‍යාලයේ ,ලලිත කලා අධ්‍යයන අංශයේ ජේෂ්ඨ කථිකාචාර්ය නොයෙල් විජයරත්න මහතාට “සුභාෂ් චන්දුබෝස් සාම සම්මානය 2022″(Netaji Subash Chandra Bose Peace Award 2022) පිරිනමා ඇත.
ඉන්දියාවේ කල්කටා නගරයේ ඉන්දියානු සංස්කෘතික සබදතා කවුන්සලයේ (ICCR )සත්‍යජිත්රායි ශ්‍රවණාගාරයේ පැවති, ඉන්දියා/ බංගලාදේශ සංස්කෘතික සහයෝගිතාව සහ දකුණු ආසියාතික ව්‍යාපාරික හවුල්කාරිත්වය ඒකාබද්ධව පවත්වනු ලැබූ සම්මාන උලෙලේ දී මෙම සම්මානය ඔහු වෙත ප්රදානය කරනු ලැබීය.ආසියානු කලාපීය ජනශ්රතිය,නාට්‍ය කලාව හා සිනමාව පිළිබඳ පර්යේෂණ කාර්යේ නියැලී සිටින නොයෙල් විජේරත්නයන් ඒ සමිබන්ධව තම පර්යේෂණ පත්‍රිකා විදෙස් සැසිවාර ගනනාවක දී ඉදිරිපත් කර ඇත.
ඔහුගේ දෙවන ආචාර උපාධිය සදහා මේ දිනවල ඉන්දියාවේ පර්යේෂණ කටයුතුවල නියැලෙමින් සිටී.